Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඇමැති මෙල්ලවෙයි

ඇමැති මෙල්ලවෙයි

editorial - 2023 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කරවා ගැනීම ආරම්භ කරමින් ලබන සඳුදා (10) පෙරවරු 10ට ‘සූම්’ තාක්ෂණය ඔස්සේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී අන්තර් ජාතික සම්මේලනය මීට පෙර දැනුම්දී ඇති පරිදි ඔවුන්ගේ  කොන්දේසි ගණනාවකට ශ්‍රී ලංකාව දැනටමත් එකඟතාව පළ කර ඇතැයි ද ක්‍රීඩා ඇමැතිවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ නිල කාලය අවම සිව් වසරක් කිරීම, නිලවරණයට රහස් ඡන්දය යොදා ගැනීම, විධායක සභාවේ ප්‍රධාන ලේකම් ධුරය වැටුප් ලබන පරිපාලන ධුරයක් බවට පත් කිරීම, මෙරට පාපන්දු ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන ප්‍රධාන කාරණා ගණනාවක් ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ඉටු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය එහිදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට ප්‍රතිඥා දී තිබේ.

අවසන් වරට ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022-23)  තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම හා ගිවිසගත් කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත ප්‍රතික්ෂේප කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මීට පෙර කටයුතු කර තිබුණි.

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට බල පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තහනම හමුවේ මෙරට පාපන්දු ක්‍රීඩාව මේ වනවිට මුළුමනින්ම කඩා වැටී තිබේ. එදින සිට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු තරග සඳහා තහනම් වී තිබේ. ඒ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන පාපන්දු ප්‍රවර්ධන මූල්‍යාධාර  අත්හිටුවා තිබේ. 2022 ඔක්තෝබර්  මාසයේ සිට දේශීය පාපන්දු තරග මාලා හා පාපන්දු ප්‍රවර්ධන වැඩසටහන් ද මුළුමනින්ම අත්හිටුවා තිබේ. මේ වනවිට පාපන්දු ආයතනය එහි මූල්‍ය කළමනාකරු යටතට පත් කර තිබේ.


අදහස් (0)

ඇමැති මෙල්ලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.