Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉරාන සිහිනය බො‍ඳකර බොස්නියාව ගෙදර යයි

ඉරාන සිහිනය බො‍ඳකර බොස්නියාව ගෙදර යයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයට එරෙහිව ගෝල 3-1ක අමතක නොවන ජයක් වාර්තා කළ බොස්නියාව අවසන් 16 අතරට පිවිසිමේ ඉරාන සිහිනය බිඳ දමමින්ම තරගමාලාවෙන් ඉවත්ව ගියේය.

‘එෆ්‘ කාණ්ඩය යටතේ ෆොන්ටේ නෝවා හී පැවැති මේ තරගය දෙවැනි වටයට පිවිසීමට ඉරාන කණ්ඩායමට තීරණාත්මක එකක්ව තිබූ අතර ඒ වනවිටත් තරගමාලාවෙන් ඉවතට විසිවී සිටි බොස්නියාව ගම්බිම් බලා යාමට පෙර එක් තරගයක් හෝ ජයගැනිමේ අරමුණකින් පසුවිය.

ඉරානයට පළමු අභියෝගය එල්ල වූයේ 23 වැනි මිනිත්තුවේ දී බොස්නියාව ගෝලයක් ලබාගනිමින් තරගයේ පෙරමුණ ගැනීමත් සමගය. ප්‍රහාරාත්මක ක්‍රීඩක එඩින් සීකෝ ගැසූ පහරින් එම ගෝලය වාර්තා විය. පළමු භාගය නිමාවනවිටත් ලකුණු තත්ත්වයේ වෙනසක් නොවීය.

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී බොස්නියාවේ මිරැලින් ජැනික් ලබාගත් ගෝලයත් සමග ඉරානයේ බලාපොරොත්තු බිඳ වැටෙන්නට පටන් ගත්තේය.

ඉරානයේ එකම ගෝලය වාර්තා වූයේ 80 වැනි මිනිත්තුවේදිය. මේ ගෝලයත් සමග මෙවර තරගමාලාවේ එකම ගෝලයක් හෝ වාර්තා නොකළ එකම කණ්ඩායම බවට පත්වීමේ ලජ්ජා සහගත වාර්තාවෙන් බේරීමට ඉරානයට හැකිවූවත් දෙවැනි වටයට යාමේ බලාපොරොත්තු බිඳවැටෙමින් පැවතිණ.

ඊට මිනිත්තුවකට පසුව සිය තුන්වැනි ගෝලයත් ලබාගත් බොස්නියාව පහසු ජයග්‍රහණයකට හිමිකම් කීවේය. එම ගෝලයේ හිමිකරු වූයේ ව්රැස්ජෙවික්ය.


අදහස් (0)

ඉරාන සිහිනය බො‍ඳකර බොස්නියාව ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.