Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football එංගලන්තයත් අවසන් සටනට එයි
යූරෝ - 2024

එංගලන්තයත් අවසන් සටනට එයි

editorial - 2024 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය ඊයේ (10 වැනිදා) සමත් විය.

ඩෝට්මන්ඩ් නුවර වෙස්ට්ෆොලන්ස්ටේඩින් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයද ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර 7 වැනි විනාඩියේදී නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ෂේවි සිම්සන් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන ආවේය. 

කෙසේ වුවත් විනාඩි 11 කට වඩා නෙදර්ලන්තයට තරගයේ පෙරමුණ රැකගැනීමට නොහැකි වූ අතර 18 වැනි විනාඩියේදී එංගලන්තයට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලබාගත් ගෝලයත් සමග තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමට හැරී කේන් සමත් විය. 

ඉන් අනතුරුව තරගයේ අවසන් විනාඩි කිහිපය දක්වාම තරගය සම මට්ටමේ පැවැති අතර දෙපිලම අවස්ථා කිහිපයකදී ගෝල ලබාගැනීමට තැත් කළද, එම උත්සායන් අසාර්ථක විය. කෙසේ වුවත් 90 වැනි විනාඩියේදී එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ඔලී වැට්කින්සන් ගෝල 2-1 ක් ලෙස සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.  

මෙම තරගයේදී නෙදර්ලන්තයේ ඩෙන්සිල් ඩම්ෆ්‍රයිස් 17 වැනි විනාඩියේදීද, වර්ගිල් වැන් ඩික් 87 වැනි විනාඩියේදීද, ෂේවි සිම්සන් 91 වැනි විනාඩියේයීද, එංගලන්තයේ ජූඩ් බෙලිංහැම් 72 වැනි විනාඩියේදීද, බුකායෝ සාකා 86 වැනි විනාඩියේදීද, කිරන් ටි්‍රපියර් 94 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. 

-036


අදහස් (0)

එංගලන්තයත් අවසන් සටනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.