Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුවේ තරග සංචාරයක නිරත වු ශ‍්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම එරට ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සහ සිංගප්පුරු වයස 19 න් පහළ කණ්ඩායම පරදවා තරග දෙකම ජය ගැනීමට සමත්විය.
12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට අලූතෙන්ම එක් වු කාන්තා පාපන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට විදෙස් තරග අත්දැකීම් ලබාදීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම තරග සංචාරය සංවිධානය කෙරිණ.
සිංගප්පුරු වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 3-1 පහසු ජයක් ලැබුහ. හසාරා දිල්රංගි, සී. කේ. ඒකනායක සහ ඒ. සී. ෂරුක්කලී ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙම ගෝල ත‍්‍රිත්ව ලබාදුන්හ.
සිංගප්පුරු ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ද ගෝල 1-0 ක ජයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබීය. තරගයේ අට වැනි මිනිත්තුවේදී පී. එස්. පෙරේරා ජයග‍්‍රහී ගෝලය ලබා ගත්තාය.
කේ. එන්. කුමාරිගේ නායකත්වයෙන් යුත් කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආර්. එම්. ජස්මින් මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.