Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කෙටි කාලීන කාන්තා පාපන්දු තරගාවලිය (2016) මේ මස 9 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. පළමු සහ දෙවැනි ලෙස කාණ්ඩ දෙකකින් තරගාවලිය ක්‍රියාත්මකවේ.
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ පොල්ගහවෙල යුනයිටඞ් ක්‍රීඩා සමාජ පළමු කොටසෙන් තරග වදිති. දෙවැනි කොටසේ කණ්ඩායම් 16 ක් තරග වදිති.
මුලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර දෙවැනි වටයේ තරග පිළිමඵන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ. තරගයක් විනාඩි 15 කට සීමා කෙරේ.
තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් සංචිත ගත කර ඉදිරියේදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.