Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කාම්බෝජ පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාවට 4-0ක පරාජයක්

කාම්බෝජ පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාවට 4-0ක පරාජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි විනාඩියේදීම ගෝලයක් ලබා ගනිමින් තරගයේ ආරම්භයේදීම ජය මාවතට පිවිසි කාම්බෝජය අද (9) “නොම්පෙන්” නුවරදී පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 4-0 කින් පරාජය කළේය.

මෙම තරගයේ පළමු භාගයේදීම ශ්‍රී ලංකාව ගෝල 2-0ක් ලෙස පසුබෑමකට ලක්විය. 41 වැනි විනාඩියේදි කාම්බෝජය සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. තරගයේ අවසානය කරා එළඹ සිටියදී කාම්බෝජ කණ්ඩායම සිව්වැනි ගෝලයත් රැස් කරමින් සිය ජයග්‍රහණය තවදුරටත් පහසු කර ගත්තේය.

කාම්බෝජය කරා ළඟා වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මෙම තරගය වඩාත් සුවිශේෂී තරගයක් වූයේ එය ශ්‍රී ලංකාවේ 200 වැනි ජාත්‍යන්තර පාපන්දු තරගය වීම නිසාය.

ශ්‍රී ලංකාව අද තරගයත් සමඟ අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග හයෙන් පහක්ම පරාජයට පත්ව තිබේ. කාම්බෝජය අවසන් වරට හොංකොං සමග පැවැති තරග දෙකකින් පිට පිටම පරාජයට පත්වීමෙන් පසුව ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව සුහද තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.

නව පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය වූයේද අද තරගයයි. දෙරට අද තරගයට මුහුණදෙන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කාම්බෝජය 173 වැනි ස්ථානයේ පසුවිය. එසේ වුවත් ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව ඊට බොහෝ පසුපසින් (193 වැනි ස්ථානයේ) පසු විය.

වසර 2015 දෙසැම්බරයේ කේරළයේ පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් ජාත්‍යන්තර පාපන්දු තරග ජය ලබා ඇත්තේ නේපාලයට (1-0) එරෙහිවය.

කාම්බෝජ සංචාරය නිමවා පැමිණෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ලබන නොවැම්බර් 6 වැනිදා මලයාසියාවේ “කූචින්” නුවරදි ආරම්භ වන සහයෝගිතා සිව්කොන් පාපන්දු තරගාවලියට සහභාගීවීමට නියමිතය.

 


අදහස් (0)

කාම්බෝජ පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාවට 4-0ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.