Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කෑගල්ල ලීගයට ගෝල 8-0 ක ජයක්

කෑගල්ල ලීගයට ගෝල 8-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියා - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව වයස 19 න් පහළ පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පොල්ගහවෙල මහජන ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයකදී පොල්ගහවෙල ලීගය පරදවා ගෝල 8-0 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කෑගල්ල ලීගයේ ක‍්‍රීඩකයෝ සමත්වුහ.

කොළඹ ලීගය සහ හලාවත ලීගය අතර බැද්දගාන ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයකින් කොළඹ ලීගය ගෝල 7-1 ක ජයක් ලබා දස්කම් දැක්වීය.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලිය ඉදිරි මාස දෙකක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. තරගාවලියට දිවයිනේ ලීග 58 කින් කණ්ඩායම් ඉදිරිපත්ව සිටිති.

 


තරගාවලියේ මුලික වටයේ තරග ප‍්‍රතිඵල:

 

  • මන්නාරම ලීගය විසින් වලිකාමන් ලීගය පරාජය කරන ලදී. (4-2)
  • ගම්පහ ලීගය විසින් බියගම ලීගය පරාජය කරන ලදී. (5-1)
  • ඇඹිලිපිටිය ලීගය විසින් සීතාවක ලීගය පරාජය කරන ලදී. (2-1)
  • නාවලපිටිය ලීගය සහ ගම්පොළ ලීගය අතර තරගය විස`දුමකින් තොරයි. (1-1)
  • කෑගල්ල ලීගය විසින් පොල්ගහවෙල ලීගය පරාජය කරන ලදී. (8-0)
  • වත්තල ලීගය විසින් දිවුලපිටිය ලීගය පරාජය කරන ලදී. (2-0)
  • මාතර ලීගය විසින් අම්බලන්ගොඩ ලීගය පරාජය කරන ලදී. (2-1)
  • කොළඹ ලීගය විසින් හලාවත ලීගය පරාජය කරන ලදී. (7-1)


- 090

 


අදහස් (0)

කෑගල්ල ලීගයට ගෝල 8-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.