Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළාත් කී‍්‍රඩා නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බව කී‍්‍රඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසයි. ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ ඇමැතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් පළාත් කී‍්‍රඩා සංවිධාන කටයුතු සඳහා සහයෝගය දැක්වීමට මේ වනවිට ප‍්‍රතිඥා දී තිබෙන බවත් පැවසීය.
ඇමැතිවරයා පැවසුවේ ජාතික මහ කී‍්‍රඩා උළෙලට සමගාමීව දිවයින පුර සංවිධානය කෙරෙන පළාත් තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහාද සහයෝගය දැක්වීමට ඔවුන් තමන් සමඟ සාකච්ඡුාවේදී ප‍්‍රතිඥා දුන් බවත්ය.
වැටුප් වැඩි කිරීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරීන්ගේ සංගමය මේ වනවිට දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ සිය ඉල්ලීම්වලට කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතිචාර නොදැක්වීම පිළිබඳව විරෝධය පළ කරමිනි.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට අදහස් දැක්වූ එම සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා කී‍්‍රඩා ඇමැතිවරයා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබුණු නමුත් සිය වෘත්තීය අරගලය අතහැර දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවසීය.
”අපේ සංගමයේ ලේකම්වරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් නොබෝදා ඒ පිළිබඳව සාකච්ඡුා කළා. කැබිනට් පති‍්‍රකාවක් ඇමැතිවරයා ඉදිරිපත් කළ බව ද දැනගන්නට ලැබුණා. නමුත් අපේ අරගලය අත්හැරීමට මෙතෙක් තීරණයක් ගෙන නෑ යයිද ඔහු පැවසීය.
මේ අතර මෙම වසරට නියමිත ජාතික මහ කී‍්‍රඩා උළෙල යොදා ගත් පරිදි සැප්තැම්බර් හා ඔක්තෝබර් යන කාල සීමාව අතරතුරදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද කී‍්‍රඩා ඇමැතිවරයා පවසයි. එහි වෙනසක් නොවන බවත් කුරුණෑගලදී හෝ මහනුවරදී කී‍්‍රඩා උළෙල පැවැත්වීමට නියමිත බවත් ඇමැතිවරයා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.