Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරග මේ වන විට ආරම්භ වී ඇති අතර පළමු සතිය අවසානයේ එහි ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සමත් වී තිබේ.

මූලික වටයෙන් රැගෙන ආ ලකුණු 3 ක් සහ සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් ජයගෙන ලබාගත් ලකුණු 3 ක් සමග මේ වන විට කොළඹ කී‍්‍රඩා සමාජයට හිමිව ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 කි.  

යුද හමුදාව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද මූලික වටයෙන් රැගෙන ආ ලකුණු 3 ක් සහ සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් ජයගෙන ලබාගත් ලකුණු 3 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිකර ගෙන සිටියි.

කොළඹ කී‍්‍රඩා සමාජය සහ යුද හමුදාව ලබා සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව සම වුවද කී‍්‍රඩා කරන ලද තරග වලදී ඔවුන් ලබාගත් ගෝල ගණන අනුව කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණට පැමිණ තිබේ.

සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 3 ක් හිමිකරගෙන සිටින රිනවුන් කී‍්‍රඩා සමාජය පළමු සතිය අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

 

ඩයලොග් ශූරයින්ගේ ලීගය - 2015 
කණ්ඩායම  තරග ජය  විසදුමක් නැති  පරාජ ලැබූ  ගෝල දුන් ගෝල ගෝල වෙනස

ඉදිරියට ගෙනා

ප්‍ර. ල. 

 ප්‍රසාද ලකුණු 
කොළඹ පාපන්දු සමාජය 1 1 0 0 4 1 3 3 6
යුද හමුදාව 1 1 0 0 3 2 1 3 6
රිනවුන් 1 1 0 0 4 0 4 0 3
ක්‍රිස්ටල් පැලස්  1 0 1 0 2 2 0 1 2
බ්ලූ ස්ටාර්  1 0 0 1 2 3 -1 2 2
ගුවන් හමුදාව  1 0 0 1 1 4 -3 2 2
නාවික හමුදාව  1 0 1 0 2 2 0 0 1
ජාවා ලේන්  1 0 0 1 0 4 -4 1 1

 

- 036


අදහස් (0)

කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.