Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ ප්‍රවීණයෝ 30 දා ඩුබායි යති

කොළඹ ප්‍රවීණයෝ 30 දා ඩුබායි යති

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් මස 3 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස 40 ට වැඩි ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගි වන කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යැමට නියමිතය.


ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉතාලිය, මලයාසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මුරුසිය නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 8 ක් මෙම තරගාවලියට සහභාගි වෙති. එම කණ්ඩායම් ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමද නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක ප්‍රියන්ත ලියනගේ කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරයි. රිනවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ මොහොමඞ් ෆයිස් කොළඹ ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.


මෙම ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය 2006 වසරේ සිංගප්පුරුවේදී පළමු වරට පැවැති අතර එහි ශූරයන් බවට පත්වීමට කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය. දෙවැනි වතාවට කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම එහි ශූරයන් බවට පත්වූයේ ඉන් වසර 5 කට පසුව ඉන්දියාවේදී පැවැති තරගාවලියේදීය.


2008 වසරේ පැවැති තරගාවලියේදී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමග සම ශූරතාව හිමිකරගැනීමට කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායමට හැකි විය.


2007 වසරේ මලයාසියාවේදී, 2012 වසරේ මුරුසියේදී, 2013 වසරේ මලයාසියාවේදී සහ 2015 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලි වලදී අනුශූරයන් බවට පත්වීමටද කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් වී තිබේ.

 


කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම

ඉදිරි පෙළ (වමේ සිට) -: මොහොමඞ් ෆාසිල්, ඇන්ටන් සිල්වා, ධම්මික අතුකෝරළ, හනීෆ් ලුක්මන්, නිෂාන්ත සිසිර කුමාර, ප්‍රියන්ත ලියනගේ (නායක) සහ ජෝෂප් ශාන්තකුමාර්

මැද පෙළ (වමේ සිට) -: සම්පත් පෙරේරා, ජයශාන්ත ලියනගේ, යංග් චුල් පාර්ක්, ජගත් රොහාන් සහ තුවාන් සහරුද්දීන්

පසු පෙළ (වමේ සිට) -: ගුණතිලක බණ්ඩාර, මොහොමඞ් ෆයිස් (පුහුණුකරු), රාමනාතන් පුවනේන්දිරන්, මොහොමඞ් ඉම්තිසම්, කරුප්පයියා රමර්, ප්‍රියන්ත පෙරේරා සහ අනුර සම්පත්

-036


අදහස් (0)

කොළඹ ප්‍රවීණයෝ 30 දා ඩුබායි යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.