Last Update  :  2024-09-20 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ගගනී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික සංචිතයට

ගගනී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික සංචිතයට

editorial - 2024 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බිබිල විශේෂ කේෂර ගුණතිලක)

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ගගනී ගයාත්මා ක්‍රීඩිකාව වයස 17න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික සංචිතයට තෝරාගෙන ඇත.

ඒ අනුව ඇය 2024 ඔක්තෝබර් මාසයේ නේපාලයේ පැවැත්වෙන සාෆ් කාන්තා ශූරතා තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා තිබේ.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් ආර්.එම්.ටී.කේ. රාජපක්ෂ මහතාගේ සහ පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන උපදේශක වත්සලා උපුල්මාලී මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රීඩා පුහුණුකරු ජේ.ඒ.ඩී.එස්. දිල්ශාන් මහතා ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු  කර ඇත.


අදහස් (0)

ගගනී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.