Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජනාධිපති කුසලාන මරදාන සහිරා විදුහලට

ජනාධිපති කුසලාන මරදාන සහිරා විදුහලට

Nisanka Sandeepani - 2018 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් සංවිධානය කළ ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මරදාන සහිරා විදුහල සමත් විය. 

සහිරා විදුහල සහ හමීඞ් අල් හුසේනි විදුහල අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වූ අතර දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝලය බැගින් ලබාගැනීම නිසා 1-1 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී තරගය නිමාවට පත් විය. 

ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරුණ අතර දඬුවම් පහර 4 ක් සාර්ථක කරගත් සහිරා විදුහල තරගාවලියේ ශූරයන් බවට පත්විය. එහිදී දඬුවම් පහර 3 ක් පමණක් සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනි විදුහලට තරගාවලියේ අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

අවසන් පූර්ව වටයේ තරගවලදී ගෝල 4-0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි. 

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයේදී ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ගෝල 3-1 ක ජයක් වාර්තා කිරීමට මාරිස්ටෙලා විදුහල සමත් විය. 

මරදාන සහිරා විදුහල් කණ්ඩායම

හමීඞ් අල් හුසේනි විදුහල් කණ්ඩායම

 


අදහස් (0)

ජනාධිපති කුසලාන මරදාන සහිරා විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.