Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොළොම්බියාව සහ ජපානය අතර පැවති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට ජපානය අද (19 වැනිදා) සමත් විය. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ මොර්ඩෝවියා ඇරෙනා සැරන්ස්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් තුළ ජපානය සහ කොළොම්බියාව එකිනෙකා මෙවර හමුවූයේ දෙවැනි වරට වීම විශේෂත්වයකි. 2014 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේද ජපානය සහ කොළොම්බියාව එකම කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ අතර එවර ජපානයට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
බ්‍රසීලයේ පැවති 2014 ලෝක කුසලානයේදී, කොළොම්බියාව සහ ජපානය අතර තරගය ගෝල 4-1 ක් ලෙස ජයගත් කොළොම්බියාව එවර අවසන් කණ්ඩායම් 16 දෙනා අතරටද එක්විය. එකී පරාජයේ තිගැස්මෙන් මෙවර තරගාවලිය ඇරඹූ ජපානය අද තරගයෙන් ගෝල 2-1 ක් ලෙස කොළොම්බියාව පරාජයට පත් කිරීම සුවිශේෂ සිදු වීමකි.
තරගය ආරම්භ වී විනාඩි 3කට පසු කොළොම්බියාවේ කාලෝස් සැන්චස් ගෝල සීමාව ආසන්නයේදීම පන්දුව අතින් ඇල්ලීමේ වරදට රතු කාඞ්පත නිකුත් කරමින් ජපානයට දඬුවම් පහරක් ලබා දීමට තරග විනිසුරු තීරණය කළේය. ලබාදුන් දඬුවම් පහරෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ජපාන් ක්‍රීඩක ශින්ජි කගාවා තරගයේ 6 වැනි මිනිත්තුවේදීම තරගය ඔවුන් වෙත හරවා ගනිමින් පළමු ගෝලය වාර්තා කළේය.
නැවතත් පළමු භාගය අවසන් වීමට විනාඩි 6ක් තිබියදී 39 වැනි මිනිත්තුවේදී කොළොම්බියානු ක්‍රීඩක ක්වින්ටෙරෝ ලබාගත් නිදහස් පහර කෙළින්ම දැල වෙත යොමු කරමින් තරගයේ පළමු භාගය ගෝල 1-1 ලෙස අවසන් කරමින් කොළොම්බියාව නැවතත් තරගයට අවතීර්ණ විය.
දෙවන භාගය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් ජපානයේ යුයා ඔසාකෝ දියත් කළ පා පහර කොළොම්බියාවේ දැල රකින ක්‍රීඩක ඬේවිඞ් ඔස්පිනා පන්දුව ගෝල සීමාවෙන් එපිටතට විසිකිරීම නිසා කොළොම්බියාවට එවර යම් සහනයක් ලැබිණ. නමුත් දිගින් දිගටම කොළොම්බියා ආරක්ෂක වළල්ලේ හිඬසෙන් ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දැරූ යුයා ඔසාකෝ 73 වැනි විනාඩියේදී සිය හිසෙන් දැල තුළට පන්දුව යොමු කරමින් ජපානයේ තීරණාත්මක ජයග්‍රාහී දෙවන ගෝලය වාර්තා කළේය.
ගියවර ලෝක කුසලාන තරගාවලියේදී කොළොම්බියාව හමුවේ ජපානය දුක්විදි පරාජයේ වේදනාව මෙවර එලෙසින්ම කොළොම්බියාවට ඉගැන්වූ ජපානය ‘එච්’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට ඒ අනුව සමත් විය. තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළ ජපානයේ යුයා ඔසාකෝ තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
මෙම 24 වැනිදා සෙනගල් කණ්ඩායමට එරෙහිව දෙවැනි තරගයට සහභාගී වන ජපානය 28 වැනිදා පෝලන්තය එරෙහිව පළමු වටයේ අවසන් තරගයට සහභාගී වීහට නියමිතය.
024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.