Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජස්වර් අසියානු විධායක සභාවට

ජස්වර් අසියානු විධායක සභාවට

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභාවට පත්ව සිටියි. බංග්ලාදේශයේ ‘‘ඩැකා’’ නුවරදී නොබෝදා පැවැති එහි සමුළු වාරයේදී ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභිකයෙකු ලෙස පත්වීම් ලැබීය.

එම සමුළුවේ විධායක සභිකයන් ගණනින් 12 දෙනෙකි. සමුළුවේ පූර්ණ විධායක සභාව සභාපති, ප්‍රධාන ලේකම්, උප සභාපතිවරු පස් දෙනෙකුගෙන් හා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ (ෆිෆා) කවුන්සිලයේ නියෝජනය කර සභිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වේ.

බහරේන් රාජ්‍යය පාලනය එහි රාජකීය පවුලට අයත් ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රහිම් අල් කලීෆා කුමරු සාමාජික රාජ්‍ය 47 කින් සමන්විත ආසියානු පාපන්දු සමුළුවේ වත්මන් සභාපතිවරයායි.  දේශීය පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීනතම පරිපාලන නිලධාරියෙකුවන ජස්වර් උමාර් මහතා පාපන්දු සභාපතිවරයාවීමට පෙර එහි ප්‍රධාන ලේකම්  ධුරයද දැරීය.

ඩැකා නුවරදී පැවැති ආසියානු පාපන්දු සමුළු සැසිවාරයට සමගාමීව එහිදීම දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සමුළු වාරයක්ද පැවැත්වුණි.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවාර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට පාපන්දු ආයතනයේ ප්‍රධාන ලේකම් උපාලි හේවගේ හා උප සභාපතිවරයෙකු වන රංජිත් රුද්‍රිගු යන මහත්වරුද සහභාගී වූහ.


අදහස් (0)

ජස්වර් අසියානු විධායක සභාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.