Last Update  :  2025-01-10 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාතික පාපන්දු කණ්ඩායමට 2024 දී කෝටි 30 ක වියදමක්

ජාතික පාපන්දු කණ්ඩායමට 2024 දී කෝටි 30 ක වියදමක්

editorial - 2025 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර තරග 10 කට  ගෙවුණු 2024 දී සහභාගිවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සදහා රුපියල් කෝටි 30 කට ආසන්න වියදමක් දරා තිබේ.

 එම වසරේදී පාපන්දු ආයතනයේ වියදම් සැලැස්මට අනුව ජාතික පාපන්දු කණ්ඩායම සදහා රුපියල් කෝටි 32 කට වැඩි (රුපියල් 323545970) ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණි.එය පාපන්දු ආයතනයේ එම වසරේ ඇස්තමේන්තු ගත කර තිබූ සංවර්ධන ව්‍යාපෘති මුළු වියදමෙන් % 22 ක ප්‍රතිශතයකි.

 2024 ජාත්‍යන්තර දක්ෂතා සැසදීමේදී යම් සාධණීය ප්‍රවර්ධනයක් පෙන්නුම් කර තිබෙන ජාතික පාපන්දු කණ්ඩායම එම වියදමට ප්‍රමාණවත් සාධාරණයක් ඉෂ්ඨ කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මතය වන බව එහි සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

 2024 වසරට සහභාගිවූ ජාත්‍යන්තර පාපන්දු තරග 10 න් තරග තුනක් ජය ගත් ශ්‍රී ලංකාව තවත් තරග තුනක් සම කරමින් හා සෙසු තරග හතරක් පරාජයට පත්ව තිබේ.2021 න් පසුව ශ්‍රී ලංකාව වැඩිම ජාත්‍යන්තර පාපන්දු තරග ගණනකට සහභාගීවී තිබීම එහිදී කැපී පෙනේ.

ශ්‍රී ලංකාව පළ කළ 2024 වසරේ ඉහත දක්ෂතා හමුවේ ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 205 සිට 200 දක්වා ඉහළට පැමිණීමටද සමත් විය. එයින් ආසියාවේ එතෙක් රැදී සිටි ශ්‍රේණිගත අවසන් ස්ථානයෙන්ද (46) මිදුණි.

මේ වන විට 2025 වසර සදහාද දැනටමත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරග හයකට (2027 ආසියානු කුසලාන කලාප අවසන් නිර්දේශ තරග) නිර්දේශවී තිබේ.මෙම වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග අවම 14 කට සහභාගිවීමට අපේක්ෂා කර ගෙන සිටින බව ජස්වර් උමාර් මහතා පවසයි.

දකුණු ආසියානු ශූරතා (සාක්) තරගාවලිය (2025) හා දකුණු ආසියානු  (සාග්) ක්‍රීඩා උළෙලද මෙම වසරට යෙදී තිබේ.

ගෙවුණු 2024 දී ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරග ජයග්‍රාහණ හා සම කිරීම් වෙනුවෙන් දිරි දීමනා ලෙස රුපියල් කෝටි එකහාමරක පමණ අමතර ගෙවීම් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  මෙම එක් ජාත්‍යන්තර පාපන්දු තරගයක් පැවැත්වීමේදී ඒ සදහා වියදම් ලෙස රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් අවම වැය වන බවයි.


අදහස් (0)

ජාතික පාපන්දු කණ්ඩායමට 2024 දී කෝටි 30 ක වියදමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.