Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙහිවල රෙඞ්ස්ටාර් කණ්ඩායම හා කොළඹ රත්නම් කණ්ඩායම අතර දෝලනය වෙමින් තිබූ අන්තර් සමාජ ප්‍රධානතම පළමු පෙළ පාපන්දු තරගාවලිය නිමාවට පත්වීමටත් කලින් එහි ශූරතාව හිමිකර ගැනීමට රෙඩ්ස්ටාර් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ රත්නම් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ගෝල 6-0 ක දැවැන්ත ජයක් ලබාගනිමිනි.
කෙසේ වුවත් එම දෙපිලටම තරගාවලියේ සුපිරි හය වටයේ තවත් එක් තරගයක් බැගින් ඉතිරිව තිබේ. සුපිරි හය වටයේ තරග හතරකදී එම හතරම ජයගත් රෙඩ්ස්ටාර් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 12 ක් ලබා ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගෙන සිටිති. ඒ වන විට දෙවැනි තැනට පත්ව සිටින තිහාරිය යූත් කණ්ඩායමේ හා තෙවැනි තැනට පත් රත්නම් කණ්ඩායම ද සම ප්‍රසාද ලකුණු ලබා සිටින අතර, ඒ ලකුණු හත බැගිනි.
රත්නම් - රෙඞ්ස්ටාර් තරගයේ ජය රත්නම් කණ්ඩායම හිමි කර ගත්තේ නම් එවිට රත්නම් ප්‍රසාද ලකුණු 10ක් ලබා ශූරතාව දිනා ගැනීම කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමේ හැකියාව පැවතුනි. එහෙත් රෙඞ්ස්ටාර් ක්‍රීඩකයන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ රත්නම් කණ්ඩායමේ අපේක්ෂා මේ වන විට පළමු පෙළ තරගාවලියේදී ද බිඳවැටී තිබේ. කලක් ශූරයන්ගේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තරම් ප්‍රබලතම කණ්ඩායමක්ව සිටි රත්නම් ක්‍රීඩකයන් නැවත එම තරගාවලියට ඇතුළත් වීමට දරන උත්සාහය රෙඞ්ස්ටාර් ක්‍රීඩකයන්ගේ ප්‍රහාරය හමුවේ අසාර්ථක වී ගිය බවක් පෙන්නුම් කරයි.
මෙම පළමු පෙළ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකම එළඹෙන (2018) ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබති. එම කණ්ඩායම හමුවේ අනුශූරතාව ලබා එම තරගාවලියට ඇතුළත්වීමේ උත්සාහය දෙවනුව මේ වන විට වඩාත් සාර්ථක කරගෙන සිටින්නේ තිහාරිය යූත් කණ්ඩායමයි.
තරගාවලිය නිමාවට පත් කරමින් ලබන සෙනසුරාදා (3) සුපිරි හය වටයේ අවසන් තරග තුන පැවැත්වේ. ඒ දෙහිවල රෙඞ්ස්ටාර් පිල හා තිහාරිය යූත් පිල අතරත්, රත්නම් පිල හා බදුල්ල කොම්රාඞ්ස් පිල අතරත් හා ගම්පොල රෙඞ්සන් පිල හා මාවනැල්ල සෙරන්ඩිබ් පිල අතරත් තරග තුනයි.
ප්‍රසාද ලකුණු සටහනේ දැනට දෙවැනි ස්ථානයේ පසුවන තිහාරිය යූත් පිලත් තෙවනුව පසුවන රත්නම් පිලත් සිය ඉතිරි තරගය ජය ගැනීමට සමත් වුවහොත් එහිදී එම දෙපිලේ ප්‍රසාද ලකුණු 10 ක් බැගින් නැවතත් සමාන වේ.
එහෙත් ඒ වන විටත් ප්‍රසාද ලකුණු සටහනට අනුව ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් වාර්තා කිරීමෙන් හා එරෙහිව අවම ගෝල ගණනක් රඳවා ගැනීමට සමත්වීම තුළ එහිදී ද අනුශූරතාව ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් තවදුරටත් හිමිකර ගෙන තිබුණේ තිහාරිය යූත් කණ්ඩායම විසිනි.
මෙම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් ගණන 18කි. එහිදී කාණ්ඩ දෙකේ මූලික වටයේ අනුපිළිවෙළින් වැඩිම ප්‍රසාද ලකුණු ලැබූ කණ්ඩායම් පහක් සුපිරි හය යටවට වරම් තහවුරු කළහ.
තරග ප්‍රතිඵල
■ දෙහිවල රෙඞ්ස්ටාර් පිල විසින් රත්නම් පිල පරාජය කරන ලදී (6-0)
■ මාවනැල්ල සෙරන්ඩිබ් පිල විසින් තිහාරිය යූත් පිල පරාජය කරන ලදී (2-1)
■ දෙහිවල රෙඞ්ස්ටාර් පිල විසින් බදුල්ල කොම්රාඞ්ස් පිල පරාජය කරන ලදී (3-0)
■ රත්නම් පිල විසින් මාවනැල්ල සෙරන්ඩිබ් පිල පරාජය කරන ලදී (3-0)
■ රත්නම් පිල විසින් මාවනැල්ල සෙරන්ඩිබ් පිල පරාජය කරන ලදී (1-0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.