Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නගරාධිපති කුසලාන සෝන්ඩර්ස් පිලට

නගරාධිපති කුසලාන සෝන්ඩර්ස් පිලට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ නගරාධිපති කුසලාන ආරාධිත ක‍්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12) සවස පැවැති අවසන් මහ තරගයෙන්  කොළඹ නගරාධිපති පිල ගෝල 3-0 කින් පරදවා සෝන්ඩර්ස් පිල මෙම ජය ලැබීය.

තරගයේ හය වැනි මිනිත්තුවේදීම සෝන්ඩර්ස් ක‍්‍රීඩක රොහාන් දිනේෂ් ගෝලයක් ලබා ගත්තේය. ඉන් අනතුරුව ක‍්‍රිෂාන්ත අබේසේකර 49 වැනි මිනිත්තුවේදීත් එම්. මූසා 54 වැනි මිනිත්තුවේදීත් ගෝල ලබා ගත්හ.

ජයග‍්‍රාහී සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජයට ශූරතා කුසලානය සමග රුපියල් 500,000 ක මුදල් ත්‍යාගයක් සහ රන් පදක්කම් පරිනැමිණ. කොළඹ නගරාධිපති පිලට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගය සමග කුසලාන, රිදී පදක්කම් හිමිවිය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සෝන්ඩර්ස් පිලේ එම්. රාසික් රිසාද් සම්මාන ලැබීය.

ජාවලේන්, බ්ලූස්ටාර්ස්, කොළඹ පාපන්දු සංගමය, සුපර් සන්, රිනවුන් සහ ක‍්‍රිස්ටල් පැලස් යන දිවයිනේ ප‍්‍රමුඛ පෙළ පාපන්දු කී‍්‍රඩා සමාජ හයක් තරගාවලියට සහභාගිවිය. අවසන් පුර්ව වටයේදී සෝන්ඩර්ස් පිල විසින් කොළඹ පාපන්දු සමාජය (5/1) ද, කොළඹ නගරාධිපති පිල විසින් රිනවුන් ක‍්‍රීඩා සමාජය (2/0) ද පරාජය කරන ලදී.  ඩයලොග් ටෙලිකොම් සමාගම තරගාවලියට අනුග‍්‍රාහය දැක්වීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් සහ උප නගරාධිපති ටයිටස් පෙරේරා යන මහත්වරුන් අතින් සෝන්ඩර්ස් පිලේ නායකයා ශූරතා කුසලානය ලබාගත් අයුරු.


- 090

 

 


අදහස් (0)

නගරාධිපති කුසලාන සෝන්ඩර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.