Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය වසර දෙකක කාලයක් තුළදී නඩු ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 113 ක මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ.
එහි මාධ්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්රිගු මහතා පසුගියදා කොළඹ පැවති පාපන්දු උත්සවයකදී පැවසුවේ එම නඩු ගාස්තු වැයවූයේ පාපන්දු සම්මේලනයට එරෙහිව ඇතැම් පුද්ගලයන් විසින් පවරන ලද නඩුවලට පෙනී සිටීම සඳහා බවය.
”අවසානයේදී මෙම නඩු කිසිදු හේතුවක් නැතිව ඒ පාර්ශ්ව විසින්ම ඉවත්කර ගත්තා. ඒ වෙනකොට පාපන්දු සම්මේලනය ඒ නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් ලක්‍ෂ 113 ක් වැයකර තිබුණා”
”මෙතැන කනගාටු වෙන්න තියෙන කාරණය තමයි ඒ සල්ලි ඉතිරි වුණානම් කී‍්‍රඩකයන්ට වැය කරන්න පුළුවන්කම තිබ්බා කියන එක” යයි රංජිත් රුද්රිගු මහතා පැවසීය.
”තරගවලට සහභාගි වන කී‍්‍රඩකයන්ට හා කණ්ඩායම්වලට ගෙවීම් තවත් වැඩි කරන්න කිව්වා. අපේ කී‍්‍රඩකයන්ට වැය කරන්න තිබ්බ ඒ මුදල් නඩුවලට ගෙවීමට සිදුවීම ගැන ඇත්තෙන්ම කනගාටු වෙනවා. මොකද ඒ නඩු පවරලා තිබ්බෙත් හේතු නැතිව.” යයිද පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයා පැවසීය.
රුද්‍රිගු මහතා පසුගිය පාලන කාලයේදී (2013-15) පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එහිදී පාර්ශ්ව කීපයකින් ඒ මහතාටත් ඔහුගේ නිලධාරී මණ්ඩලයටත් නඩු ගණනාවක්ම පවරන ලදි.
පසුගියදා පැවැති නිලවරණයේදී වසර 2015- 2017 පාලන කාලය සඳහා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස අනුර ද සිල්වා මහතා මහතා පත්වීමෙන් පසු එම නඩු ඉවත්කර ගැනීමට කටයුතු කෙරිණ.
රංජිත් රුද්රිගු මහතා මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් කමිටුවේ ද සභාපති ධුරය දරයි. මෙතරම් නඩු ගණනාවකට එකවර පෙනී සිටීමට සිදුවූ ජාතික කී‍්‍රඩා සංගමයක පළමු සභාපතිවරයා තමා බවත් ඒ මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.