Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නමයෝජනා 15 ට විරෝධතා 23 ක්

නමයෝජනා 15 ට විරෝධතා 23 ක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වී තිබෙන නාමයෝජනා 15 කට එරෙහි විරෝධතා 23 ක් අද (7) දිනයේ ගොනු වූ බව වාර්තා වේ. ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට නාමයෝජනා බාර ගැනීම පෙරේදා (6) සිදු කෙරුණි.

ඒ සම්බන්ධයෙන් විරෝධතා බාර ගැනීම අද දිනයේදී සිදු කෙරුණු අතර, එහිදී මෙවර නිලවරණයේදී සභාපති ධුරයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් සභාපති අනුර ද සිල්වා හා හිටපු සභාපති රංජිත් රුද්‍රිගු යන මහත්වරුන් දෙදෙනාටම එරෙහිව විරෝධතා ගොනු කර තිබේ.

ඒ අතර සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබෙන නමුත්, අපේක්ෂකයන් දෙදෙනකු වන පාපන්දු සම්මේලනයේ හිටපු තාක්ෂණික අධ්‍යක්ෂ දෙමෝදර චන්ද්‍රසිරි හා එහි හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වන රුක්මල් පෙරේරා යන මහත්වරුන්ගේ ඉදිරිපත්වීමට එරෙහිවද විරෝධතා ගොනු වී තිබේ. ලේකම් ධුර අපේක්ෂක ටේ‍රවෝ රෙක්මන් මහතාගේ සුදුසුකම් ද වත්මන් විරෝධතාවන් මගින් අභියෝගයට ලක් කර තිබේ.

පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් ගොනු කළ විරෝධතා හෙට (9) පෙරවරු 10ට පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී සලකා බැලේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන නිලවරණ කමිටුව විසින් මෙම විරෝධතා සලකා බැලේ.
මෙහි සඳහන් ඇතැම් නිලධාරින් නිලවරණයේදී තනතුරු කිහිපයක් සඳහා නාමයෝජනා බාරදී තිබේ.


විරෝධතා ඉදිරිපත් වූ නාමයෝජනා මෙසේය.

  • සභාපති ධුර අපේක්ෂකයන් වන රංජිත් රුද්‍රිගු, අනුර ද සිල්වා, දෙමෝදර චන්ද්‍රසිරි හා රුක්මාල් පෙරේරා යන මහත්වරුන්ට,
  • ලේකම් ධුර අපේක්ෂකයන් වන බාලේන්ද්‍ර ඇන්තනි හා ටේ‍රවෝ රෙකමාන් යන මහත්වරුන්ට
  • භාණ්ඩාගාරික ධුර අපේක්ෂකයන් වන එම්.එච්.එම්. ෆස්ලාන්, එස්.ආර්.එම්.එම්. අසාර්, ටිරෝන් ප්‍රනාන්දු හා ජයසිංහ මෙන්ඩිස් යන මහත්වරුන්ට
  • උපසභාපති අපේක්ෂක රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාට
  • උපභාණ්ඩාගාරික ධුර අපේක්ෂක සාගර පියතිලක මහතාට
  • උපලේකම් ධුර අපේක්ෂකයන් වන: එම්.ආර්.එම්. සිනාන්, යූ.එල්.එම්. ලතීෆ් යන මහත්වරුන්ට

 


අදහස් (0)

නමයෝජනා 15 ට විරෝධතා 23 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.