Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නයිජීරියායේ අපකීර්තිමත් වාර්තාව දිගටම යයි

නයිජීරියායේ අපකීර්තිමත් වාර්තාව දිගටම යයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ උද්යෝගයෙන් හා සටනකින් තොර තරගයේ වගකීම බාර ගැනීමට නයිජීරියාවට හා ඉරානයට සිදුවීය. ඉරානය හා නයිජීරියාව ‘එෆ්‘ කාණ්ඩය යටතේ ඊයේ තරග වැදුණු අතර දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකිවිය.

තරගය නිමාවට පත්වූයේ 0-0 ක් ලෙසිනි. එය මෙවර තරගමාලාවේ නීරසම තරගය ලෙසට  විචාරකයෝ නම් කළහ.

ආරම්භයේ සිටම තරගය සිය පාලනයට නතු කර ගැනීමට නයිජීරියාව උත්සාහ කළත් ඉතා හොඳින් සංවිධානය වී තිබූ ඉරාන කණ්ඩායම හමුවේ සිය අභිප්‍රාය ඉටු කරගැනීමට ඔවුන්ට නොහැකිවිය.

6 වැනි මිනිත්තුවේ දී නයිජීරියාවේ මිකේල් ප්‍රතිවාදීන්ගේ දැළ තුලට පන්දුව එල්ල කළත් ඉරාන දැළ රකින්නාට නීතිවිරෝධි අයුරින් බාධා කරමින් යොමු කළ ගෝලයක් ලෙස සලකා එය ඉවත දැමීමට තරග විනිසුරු තීරණය කළේය. තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමත් සමග ලෝක කුසලාන තරගමාලාවක දීර්ඝතම කාලයක් කිසිදු තරගයකින් ජය නොලැබූ කණ්ඩායම  බවට නයිජීරියාව පත්විය. නයිජීරියාව මේ දක්වා එක දිගට ලෝක කුසලාන පාපන්දු තරග 9ක් ජයග්‍රහණයෙන් තොරව අවසන් කර තිබේ.‍


අදහස් (0)

නයිජීරියායේ අපකීර්තිමත් වාර්තාව දිගටම යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.