Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නාවික හමුදාවට 6-3 ක ජයක්

නාවික හමුදාවට 6-3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි අදියරේදී පැවැති තරග අතරින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 6 ක්) වාර්තා කරමින් නාවලපිටිය අප්කන්ට්‍රි ක්‍රී.ස. කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ගෝල 6 ක්ද, අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම ගෝල 3 ක්ද වාර්තා කර ඇත.

පස්වැනි අදියරේදී සෝන්ඩර්ස් ක්‍රී.ස., ගුවන් හමුදාව, යුද හමුදාව, සුපර්සන් ක්‍රී.ස., නිව්යංග්ස් ක්‍රී.ස. යන කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත් වූ අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.


පස්වැනි අදියරේ තරග ප්‍රතිඵල

  • සෝන්ඩර්ස් ක්‍රී.ස. විසින් නිගම්බු යූත් ක්‍රී.ස. පරාජය කරන ලදී. (3-2)
  • ගුවන් හමුදාව විසින් පොලිසිය පරාජය කරන ලදී. (2-0)
  • නාවික හමුදාව විසින් අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රී.ස. පරාජය කරන ලදී. (6-3)
  • බ්ලූස්ටාර් ක්‍රී.ස. සහ මාතර සිටි එෆ්.සී අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (1-1)
  • යුද හමුදාව විසින් පෙලිකන්ස් ක්‍රී.ස. ගෝල පරාජය කරන ලදී. (1-0)
  • රිනවුන් ක්‍රී.ස. සහ ජාවාලේන් ක්‍රී.ස. අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (1-1)
  • සුපර් සන් එස්.සී. විසින් කොළඹ එෆ්.සී. පරාජය කරන ලදී. (2-0)
  • නිව්යංග්ස් ක්‍රී.ස. විසින් මොරගස්මුල්ල ක්‍රී.ස. පරජය කරන ලදී. (3-0)  
  • සොලිඞ් ක්‍රී.ස. සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. අතර තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය. (0-0)

 


අදහස් (0)

නාවික හමුදාවට 6-3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.