Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නිව් යංග්ස් පෙරමුණ ගනී

නිව් යංග්ස් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) නිමාවට පත්වූ තරගයෙන් වෙන්නප්පුව නිව් යංන්ග් කණ්ඩායම විසින් ගම්පොල ක්‍රිස්ටල් පැලස්  කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග දැන් ආරම්භ වී තිබෙන අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

එතෙක් පැවැති තරග දෙකක් ජය ගනිමින් හා තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරමිනි.

නිව් යංග්ස් පිල වෙනුවෙන් මෙවරත් නයිජීරියානු ක්‍රීඩකයෝ දෙදෙනෙක් ක්‍රීඩා කරති. ගියවර එෆ්.ඒ. කුසලාන අනු ශූරයන් වන ජාවාලේන් පිල පරාජය කරමින් කුරුණෑගල පෙලිකන්ස් ක්‍රීඩකයෝ මලියදේව පිටියේදී අද තවත් ජයක් ලබාගත්හ.

කණ්ඩායම් 18 ක සහභාගිත්වයෙන් දැන් ආරම්භ වී තිබෙන මෙම තරගාවලියට පසුගිය සති අන්තයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එම තරග කීපයක් පසුගිය දිනවලදී පැවැත්වීමට සිදුවිය. කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරාජය කිරීමත්, නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් පිල විසින් පොලිස් පිල පරාජය කිරීමත් සෙසු පැවැති තරග අතර කැපී පෙනුණි.


තරග ප්‍රතිඵල:
■    වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල පරාජය කරන ලදී (2-1)
■    නාවික හමුදා පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදී (2-1).
■    නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් පිල විසින් යුද හමුදා පිල පරාජය කරන ලදී (2-1)
■    කොළඹ පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදී (1-0)
■    කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී (3-1)
■    සෝන්ඩර්ස් පිල හා ගුවන් හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
■    කළුතර බ්ලූස්ටාර් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (2-1)

 


අදහස් (0)

නිව් යංග්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.