Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රංශ පිලෙන් සාර්ථක ආරම්භයක්

ප්‍රංශ පිලෙන් සාර්ථක ආරම්භයක්

ශනුක අරවින්ද - 2014 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට සාර්ථක ආරම්භයක් ලබාගත් ප්‍රංශය හොන්ඩියුරස් කණ්ඩායමට එරෙහිව ඊයේ (15 වැනිදා) පැවැති තරගය ගෝල් 3-0 කින් ජයගත්තේය. මේ ජයග්‍රහණයත් සමග ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රංශයට හැකිවිය. ප්‍රංශ කණ්ඩායමේ ප්‍රහාරාත්මක ක්‍රීඩක කරිම් බෙන්සිමා ගෝල් ද්විත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණි.

තරගයේ 43 වැනි මිනිත්තුවේ දී හොන්ඩියුරස් පිලේ විල්සන් පැලැසියොස් රතු කාඩ් පතෙන් දඬුවම් ලැබීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර ක්‍රීඩකයන් 10 දෙනකු සමග තරගයේ ඉතිරිය ක්‍රීඩා කිරීමට හොන්ඩියුරස් පිලට සිදුවිය.

තරගයේ පළමු භාගයේ දී දෙපිලම කරට කර සටනක නිරතවූවත් දෙවැනි භාගයේ ආරම්භයේ දීම බෙන්සිමා පළමු ගෝලය ලබාගනිමින් සිය කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය. හොන්ඩියුරස් පිලේ දැල් රකින්නා වූ වැලැන්ඩරස් තම දැල තුලටම පන්දුව දමා ගැනීම නිසා ප්‍රංශයේ දෙවැනි ගෝලය වාර්තා වීම විශේෂත්වයකි.

බෙන්සිමා ගැසූ පහරක් වළක්වාලීමට උත්සාහ කිරීමේ දී මෙය සිදුවිය. තරගය නිමාවීමට මිනිත්තු 18ක් ඉතිරිව තිබිය දී යළි ක්‍රියාත්මක වූ බෙන්සිමා තරගයේ සිය දෙවැනි ගෝලය ලබාගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ප්‍රංශය මුහුණදෙන දෙවැනි තරගය ස්විට්සර්ලන්තය සමග පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ප්‍රංශ පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.