Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය ලබන ජූලි 29 සිට නොවැම්බර් 26 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව තීරණය කොට ඇත. මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබා සිටිති.
කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, කලුතර ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, වෙන්නප්පුව ක්‍රීඩා සමාජය , ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, සොලීඞ් ක්‍රීඩා සමාජය, නිගම්ඹු යූත් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, අප්කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ පොලිකන්ස් ක්‍රීඩා සමාජය, මෙවර ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටිති.
ගියවර තරගාවලිය නියෝජනය කළ ලද පාපන්දු කණ්ඩායම් 4ක් (මාතර සිටි ක්‍රීඩා, ජාවාලේන් ක්‍රීඩා, සිවිල් ආරක්ෂක ක්‍රීඩා සහ තිහාරිය යූත් ක්‍රීඩා) මෙවර ඉවත් කොට ඇති අතර ගත වූ වසරේ පළමු කොටසේ පාපන්දු ශූරයන් වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ අනු ශූරයන් වූ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය ප්‍රිමියර් ලීග් තරගාවලියට උසස් කොට ඇත.
ලීග් තරගාවලියක් වන බැවින් කණ්ඩායමකට තරග 15 කට සහභාගි වීමට සිදුවෙයි.
මෙවර ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය මීට පෙර ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වූ නමුදු ජූලි 19 සිට 23 දක්වා කිරිගිස්ථානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සංගම් කුසලාන මූලික වටයේ තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා වයස අවු 23 න් පහළ පාපන්දු කණ්ඩායම රටින් බැහැරව සිටින හෙයින් එතෙක් ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රමාද කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.