Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු කී‍්‍රඩාංගණය පවරාගන්න යයි

පාපන්දු කී‍්‍රඩාංගණය පවරාගන්න යයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගිවිසුම් ප‍්‍රකාරව පෙර ගෙවුම් හා මාසික බදු මුදල් ගෙවීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පැහැර හැර තිබෙන බැවින් කෝට්ටේ බැද්දගාන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන භූමි භාගය පවරාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ මහ නගර සභාව තීරණය කර ඇතැයි එහි පුරපති ජනක රණවක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ‘ලංකාදීප’ය හා කළ විමසුමක දී කෝට්ටේ පුරපතිවරයා පැවසීය.

කෝට්ටේ බැද්දගානේ අක්කර හතරක් පමණ වන භූමිභාගය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැවරීමේ ගිවිසුමට දෙපාර්ශ්වය අත්සන් කර ඇත්තේ වසර 2003 මැයි 21 වැනිදාය.

කෝට්ටේ පුරපති ජනක රණවක මහතා මෙසේ ද පැවසීය.

”මෙම ගිවිසුම අස්සන් කර ඇත්තෙත් වැරැුදි ආකාරයටයි. එවැනි කරුණු කීපයක්ම අපි හෙළිකර ගත්තා.”

මේ පිළිබඳව අපි පුවත්පත් මගින් ප‍්‍රචාරය කරන විටත් පාපන්දු සම්මේලනය නිසි ප‍්‍රතිචාර දැක්වූයේ නෑ. ඒ ගැන අපිත් එක්ක සාකච්ඡුා කරන්න ආවෙත් නෑ. මේ පවරාදීම වෙනුවෙන් කෝට්ටේ මහනගර සභාවට පාපන්දු සම්මේලනය රුපියල් ලක්ෂ 25ක පෙර ගෙවුමක් කළයුතු බව සඳහන් වෙනවා. ඒවගේම අදාළ භූමිභාගය වෙනුවෙන් පාපන්දු සම්මේලනය ගෙවිය යුතු මාසික බදු මුදල් ගෙවීමත් පැහැර හැරලා. මේ නිසා මේ භූමිභාගය ලබන ඔක්තෝබර් මාසය ඇතුළත පවරාගන්න කෝට්ටේ නගර සභාව කටයුතු කරනවා”.

බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානය ක‍්‍රීඩාංගණයක් ඇතුළු ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විතය. එහි සංවර්ධන කටයුතු සඳහා මේ දක්වා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 122කට ආසන්න මුදලක් ලබා දී ඇතැයි ද පාපන්දු සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වසර 31ක බදු ගිවිසුමකට යටත් බැද්දගාන පාපන්දු සංකීර්ණ භූමිභාගයේ පාපන්දු සම්මේලන හිමිකම අවසන්වීමට නියමිතව ඇත්තේ වසර 2034 මැයි 20 වැනිදාය.

පාපන්දු සම්මේලනයේ එවකට කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු හා එවකට එහි විධායක නිලධාරී ධුරය දැරූ ක‍්‍රිෂාන්ත පෙරේරා යන මහත්වරු පාපන්දු සම්මේලනය වෙනුවෙන් ද කෝට්ටේ මහනගර සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයා ද මෙම ගිවිසුමට අස්සන් තබා තිබේ.

 


අදහස් (0)

පාපන්දු කී‍්‍රඩාංගණය පවරාගන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.