Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලිය යටතේ ගතවූ සති අන්තයේ පැවති තරග රැසකට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා එම තරග කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදු විය.
ක්‍රියාත්මක වූ තරග දෙකකදී මාතර සිටි ක්‍රී.ස කණ්ඩායම මීගමුව යූත් ක්‍රී.ස කණ්ඩායම ගෝල් 3-1 ලෙස පරාජය කිරීමට සමත් වූ අතර නිව් යංග්ස් ක්‍රී.ස සහ යුද හමුදා ක්‍රී.ස කණ්ඩායම අතර තරගය ගෝල් නොලබා ජය පැරදුමෙන් තොරව අවසන් විය. මේ වන විට තරගාවලියේ අදියර පහක් අවසන් වී ඇත.
තරග ප්‍රතිඵල
■ මාතර සිටි ක්‍රී.ස විසින් මිගමුව යූත් ක්‍රී.ස ගෝල් 3-1 කින් පරාජය කරන ලදී. මෙම තරගය මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
■ නිව් යංග්ස් ක්‍රී.ස සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රී.ස අතර තරගය ගෝල් 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරගය වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
■ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රී.ස අතර තරගය ගෝල් 0-0 ක් ලෙස තිබිය දී වර්ෂාව හේතුවෙන් අත්හිටුවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.