Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණ කමිටුව නම්කෙරෙයි

පාපන්දු නිලවරණ කමිටුව නම්කෙරෙයි

Nisanka Sandeepani - 2017 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී  ලංකා  පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ 2017 නිලවරණය නිරීක්ෂණය සහ මෙහෙයවීම සඳහා පංච පුද්ගල නිලවරණ කම්ටුවක් දැන් ප්‍රකාශයට පත් කොට ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කම්ටුව හා ක්‍රීඩා ඇමති  දයාසිරි ජයසේකර මහතා අතර පසුගියදා පැවති හමුවකින් අනතුරුව අදාළ නිලවරණ  කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. 

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන ආර්.බී. වික්‍රමසිංහ මහතා  නිලවරණ කමිටුවේ සභාපති ධූරය දරයි. එන්. කේ.අබේසිංහ (විශ්‍රාමික පාපන්දු ව්‍යාපෘති නිළධාරී), තිලක් අපොන්සු  (වත්මන් පාපන්දු ව්‍යාපෘති නිළධාරී), ජෝශප් කෙනී (ජාතික ඔලිම්පික් කමිටුව), සහ ගාමිණී ජයසිංහ(ජාතික ඔලිම්පික් කමිටුව) යන මහත්වරු නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාව සහ නිලවරණය ලබන පූලි 1 දා  පැවැත්වෙන බවත් ඒ සඳහා නාම යෝජනා බාරගැනීම ජුනි 3 දා අවසන් කිරීමටත් තීරණය වී තිබේ. ක්‍රීඩා  අමාත්‍යංශ  ශ්‍රවණාගාරයේදී එම නිලවරණය පැවැත්වීමට ද නියමිතය. 
 

 


අදහස් (0)

පාපන්දු නිලවරණ කමිටුව නම්කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.