Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන එෆ්. ඒ. කුසලාන තරගාවලිය සහ වෙනත් තරගාවලි සඳහා මාතලේ පාපන්දු ලීගයේ ඒ කණ්ඩායම යටතේ කරග කරන ක‍්‍රීඩා සමාජ හතෙන් පහක්ම ඉවත් කර මාතලේ පාපන්දු ලීගය නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරන බව එම ක‍්‍රිඩා සමාජ පහක ලේකම්වරුන් විසින් ක‍්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙත ලිඛිතව පැමිණිලි කරනු ලැබ ඇත.
මාතලේ ජොලි බෝයිස් ක‍්‍රිඩා සමාජය, කැමරොන් ක‍්‍රිඩා සමාජය, ගෝල් මූන් ක‍්‍රිඩා සමාජය, රේන්ජස් ක‍්‍රීඩා සමාජය සහ රිබෙල්ස් ක‍්‍රිඩා සමාජය යන ක‍්‍රිඩා සමාජවල ලේකම්වරුන්ගේ අත්සනින් මෙම පැමිණිල්ල කර තිබේ.
මාතලේ පාපන්දු ලීගයේ තරගාවලි වලින් ඉවත්කර සිටි පිරිසක් ඒ කණ්ඩායමට බඳවා ගෙන ශ‍්‍රි ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන පාපන්දු තරඟ සදහා ඉදිරිපත් කරන බවද මෙම පැමිණිල්ලේ දී සදහන් වේ.
මාතලේ පාපාන්දු ලීගය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස්කර, නියමාකාරව වාර්ෂික නිල වරණයක් නොපවත්වා මාතලේ පාපන්දු ලීගයේ නිලධාරින් අත්තනෝමතික වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කර ගෙන යන හෙයින් මාතලේ පාපන්දු ක‍්‍රිඩාව විනාශය කරා යන බවද එම ලිඛිත පැමිණිලේ වැඩිදුරටත් සදහන්ය.
- 088
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.