Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියානු ශ්‍රී ලංකා සහයෝගිතා අන්තර් ලීග වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සිටි ලීග ක්‍රීඩකයෝ සමත්වුහ. කොළඹ සී. ආර්. පිටියේ දී අද (8) පැවැති අවසන් මහ තරගයේ දී මීගමුව ලීග කණ්ඩායම ගෝල 5-0 කින් පරදවා රුපියල් ලක්ෂයක තෑගි මුදල සමඟ කුසලානය දිනා ගත්තේය.
දිවයිනේ ලීග 58 ක කණ්ඩායම් ගැටුණු මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ සිටි ලීග කණ්ඩායම පළමු භාගයේදීම ගෝල 4-0ක් ලෙස ඉදිරියෙන් පසුවෙමින් ජය තහවුරු කර ගෙන සිටියේය.
මීගමුව කණ්ඩායමේ නිත්‍ය නායකයා වූ දිලිප් පීරිස් පාදයේ ආබාධයක් නිසා මෙම තරගයට සහභාගි නොවීමෙන් කසුන් සංදීප එහි නායකත්වය දැරීය. කොළඹ සිටි ලීග කණ්ඩායම දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ගෝල 5-0ක ජය ලබා ගත්තේය. මොහොමඞ් සහිල් 22 වැනි විනාඩියේ දී හා 82 වැනි විනාඩියේ දී ගෝල ද්විත්යක් ලබා ගැනීමට සමත්විය.
එච්.ඩී. මධුසංඛ (17 වැනි විනාඩිය), අෆ්හාම් අක්‍රම් (11 වන විනාඩිය) පී. මධුශංඛ (41 වැනි විනාඩිය ද) ජයග්‍රාහී කොළඹ ලීග කණ්ඩායම් සෙසු ගෝල ලාභීයෝ වූහ. ෆවුඞ් පහීස්ගේ නායකත්වයෙන් යුත් ජයග්‍රාහී සිටි ලීග කණ්ඩායම මෙවර කුසලාන දිනා ගැනීමේදී ශූරයන්ගේ ක්‍රීඩා සමාජ තරගාවලිය ඇතුළුව වයස 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම එම කණ්ඩායම නියෝජනය කළහ.
පසුගිය තරගාවලිය ජයගත් යාපනය ලීගය හා අනුශූරතාව ලද මහනුවර ලීගය මෙවර තරගාවලියේ දෙවැනි වටයේ දී පරාජය වූහ.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.