Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සම්මේලනයට මෝල්ටෙන් අනුග‍්‍රහය

පාපන්දු සම්මේලනයට මෝල්ටෙන් අනුග‍්‍රහය

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම පාපන්දු තරගවල පන්දු සඳහා අනුග‍්‍රාහය දැක්වීමට ‘මෝල්ටෙන්’ ඉදිරිපත්ව සිටියි.

සිංගප්පුරුවේ පැසිෆික් ස්පෝට්ස් සමාගමේ ‘මෝල්ටෙන්’ වෙළෙඳ නාමය සහිත මෙම පන්දු ඉදිරි වසර තුනක කාලයක් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට ලබාදීමේ ගිවිසුමකට අත්සන් තැබීය. ගිවිසුමට අනුව රුපියල් මිලියන 6.5 ක වටිනාකමකින් යුත් පාපන්දු වසර තුනක කාලයක් ශ‍්‍රී ලංකාවට ලබා දෙයි.

මෙම පා පන්දුව ඩයලොග් ශූරයන්ගේ කුසලාන තරගාවලියට භාවිතා කරන බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

1984 වසරේ සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය සඳහා නිල පන්දු සපයන්නා වන ‘මෝල්ටෙන් ’ අගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේද නිල පැසිපන්දු සැපයුම්කරුවාය. අත්පන්දු (හෑන්ඞ්බෝල්) ක‍්‍රීඩාව සඳහා ද මෝල්ටෙන් පන්දු නිෂ්පාදනය කරයි.

 

 

සිංගප්පුරුවේ පැසිෆික් ස්පෝට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අහ්මඞ් බේකර් මහතා විසින් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු.

 


- 090

 


අදහස් (0)

පාපන්දු සම්මේලනයට මෝල්ටෙන් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.