Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔක්තෝබර් 2 වැනිදා සිට 8 වැනිදා දක්වා දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන 10 වැනි අන්තර් ජාතික ප‍්‍රවීනයන්ගේ පාපන්දු සැනකෙළියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා සමාජය සහභාගී වීමට නියමිතය. මෙම තරගාවලිය දකුණු අපි‍්‍රකාවේ ක්වාසුලූ - නටාල් ප‍්‍රවීනයන්ගේ පාපන්දු සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මුරුසි දිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සත්කාරක දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ප‍්‍රවීනයන්ගේ කණ්ඩායම් සහභාගී වෙති.
මෙහි පළමු තරගාවලිය 2006 වසරේදී පැවැති අතර එහි ශූරයන් බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන් පසුව 2008 වසරේදී සිංගප්පූරුව සමග සම ශූරයන් වීමටද, 2011 වසරේදී ශූරයන් වීමටද ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
කොළඹ ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා සමාජයේ හිටපු සභාපතිවරයකු වන ආර්. පුවනේන්ද්‍රන් මහතා තරගාවලියට සහභාගී වන කොළඹ ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.
කොළඹ ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා සමාජ කණ්ඩායම -
ආර්. පුවනන්දිරන්, එම්. එස්. එම්. බදුර්දීන්, එම්. එස්. එම්. ෆාසිල්, එම්. එස්. එම්. ෆෙරෝස් ඉන්හාම්, කේ. රාමර්, ජයසිංහ ලියනගේ, ජගත් රෝහණ, ප‍්‍රියන්ත ලියනගේ, සමන්ත පෙරේරා, මොහොමඞ් හිෂාමුදීන්, මොහොමඞ් ඉම්තීසම්, මැක්සි ලෙටරන්, බණ්ඩාර ගුණතිලක, දිලිප් කුමාර, අනුර සම්පත්, මොහොමඞ් ෆයිසාල්, මොහොමඞ් කබීර්, තුවාන් සමීම් පි‍්‍රයන්ත පෙරේරා, නීල් කි‍්‍රෂාන්ත
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.