Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේ මිලියන 200 ක බලාපොරොත්තු කරතබාගත් නේමාර් නැවතත් පාපන්දු පිටියට පැමිණ සිටී. ක්‍රෝඒෂියාවට එරෙහිව පැවති පුහුණු තරගයේදී නේමාර්ගෙන් ලැබුණු ගෝලයත් සමගින් ගෝල 2-0 ලෙස තරගය ජයගත් බ්‍රසීලය මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර හොඳ ආරම්භයක් ලබා ගත්තේය.
පාදයේ ඇතිවූ ආබාධයත් සමඟ මාස 3කට වඩා කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවූ නේමාර්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය සිහිනයක් බටට පත් වී තිබිණ. ක්‍රීඩාවේදී ප්‍රතිවාදීන් හා ගැටෙන අයුරින්ම නේමාර්ට සිදුවූයේ මෙවර ඔහුගේ පාදය සමඟද එළෙසින්ම ගැටීමටය. කෙසේ වෙතත් අවසානයේදී ඔහු අවසන් 23 දෙනෙකුගෙන් යුත් බ්‍රසීල සචිතයට නම් කිරීමට තෙරීම් කමිටුව පියවර ගත්තේය.
ක්‍රෝඒෂියාව සමගින් පැවති පුහුණු තරගයේ 69 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ නේමාර් පළමු ගෝලය වාර්ථා කරමින් බ්‍රසීලයේ බලාපොරොත්තු ඔප් නැංවීය.
ක්‍රෝඒෂියාවට කිසිසේත් හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් බ්‍රසීලය 93 වන මිනිත්තුවේදී නැවතත් ගෝලයක් ලබා පහසුවෙන් තරගය ජය ගත්තේය.
“නැවතත් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. මම මේ වෙනුවෙන් ලොකු කාලයක් බලන් සිටියා විතරක් නොවේ මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුනා”
“දැල වෙත පන්දුව යොමු කරන අවස්ථාවේ මට මතකයට ආවේ එකම දෙයක් විතරයි. ඒ තමයි මට උදව් කරපු අය. විශේෂයෙන් මගේ වෛද්‍යවරයා වන ලැස්මාර්, පවුලේ උදවිය සය යාළුවෝ” යැයි නේමාර් තරගයෙන් අනතුරුව කියා සිටියේය.
බ්‍රසීලය මෙවර පළමු වටයේදී ‘ ඊ ’ කාණ්ඩය යටතේ තරග වදී. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ ස්විට්සර්ලන්තය, කොස්ටරිකාව සහ සර්බියාව යන කණ්ඩායම්ය. ජුනි 17 වැනිදායින් ස්විට්සර්ලන්තයට එරෙහි තරගයෙන් තරගාවලියට අවතිර්ණ වන බ්‍රසීලය ජුනි 22 වැනිදා කොස්ටරිකාව සමඟ තරග වැදීමට නියමිතය. බ්‍රසීලයේ පළමු වටයේ අවසන් තරගය සර්බියාවට එරෙහිව ජුනි 27 වැනිදා පැවැත්වේ.
ක්‍රෝඒෂියාවද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘ඩී ’ කාණ්ඩය යටතේ තරග වදී ලැබේ. ප්‍රබල ආජන්ටිනාව ඔවුන්ගේ ප්‍රතිවාදින් වෙද්දී, අයිස්ලන්තය හා නයිජීරියාවද එම කාණ්ඩායෙන්ම තරගාවලියට එක්ව සිටිති. ජුනි 16 වැනිදා නයිජීරියාවට එරෙහි තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන ක්‍රෝඒෂියාව ප්‍රබල ආජන්ටිනාව සමගින් ජුනි 21 වෙනිදා තරග වැදීමට නියමිතය. ‘ඩී’ කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගය ජුනි 26 වැනිදා අයිස්ලන්තය සහ ක්‍රෝඒෂියාව අතර පැවැත්වීමට නියමිතය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.