Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු නිලවරණයට ඉදිරිපත්ව තිබෙන නාම යෝජනා ගණනාවකට එරෙහිව ගොනුකර තිබෙන විරෝධතා විමර්ශනය ඊයේ (15) තෙවැනි දිනය වනවිට වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබූ බැවින් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ක්‍රීඩා ඇමැතිවරයාට පැවරෙනු ඇතැයි වාර්තාවේ.
පාපන්දු නිලවරණ කමිටුව ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනකු ඇතුළුව අපේක්‍ෂකයන් 16 දෙනෙකුගේ නාමයෝජනාවලට අදාල සුදුසුකම් සනාථ කෙරෙන ලියකියවිලි හා සහතිකපත්‍ර ගෙන්වා ගෙන පරීක්‍ෂා කිරීම ඊයේ පෙරවරුවේ සිට ආරම්භ කළේය. ඒ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්‍ෂ කාර්යාලයේදීය.
එහිදී සභාපති ධුරයට තරග වදින වත්මන් සභාපති අනුර ද සිල්වා හා එහි මුල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු යන මහත්වරුද විරෝධතාවලට බඳුන් වී තිබෙන සිදුවීම්වලට අදාළ ලියකියවිලි හා සහතික පත්‍රයන්හි මුල් පිටපත් රැගෙන එන ලෙස නිලවරණ කමිටුව දැනුම් දී තිබුණි.එම කමිටු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ පරීක්‍ෂාවට භාජනය කළ නාමයෝජනා විරෝධතා ගණනාවක් සම්බන්ධයෙන් බරපතළ ගැටළු කීපයක්ම මතුව තිබූ බව වාර්තා විය. එම තත්ත්වය තුළ නිලවරණ කමිටුව අවසන් තීරණයක් ගැනීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි ද එහිදී වැඩිදුරටත් වාර්තා වේ.
නාමයෝජනා විරෝධතා විභාගය මෙසේ දින කීපයක් දක්වා ඇදී යද්දී ලබන ජුලි 1 වැනිදාට කැඳවා තිබෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එදිනට පැවැත්වීම ඊයේ වනවිට වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.
ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් කැඳවන දිනට අවම වශයෙන් දින 14ක් තිබියදි විගණනය කළ ගිණුම් වාර්තා එහි සාමාජිකයන් වෙත ලැබිය යුතු බව ජාතික ක්‍රීඩා පනතේ රෙගුලාසිවල දැක්වේ. ඒ අනුව අද (16) දිනයේදීවත් ගිණුම් වාර්තාවලට විගණන අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ හේතුවෙන් නිලවරණය දින කිපයකින් හෝ කල්දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ පාපන්දු සම්මේලනයේ පසුගිය නිල කාලයේ ගිණුම් වාර්තාවලට අද දිනයේදී අනුමැතිය හිමිවීමට නියමිතව තිබුණු බවය.
කෙසේ වුවත් පාපන්දු ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පාපන්දු නිලවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්‍ෂකයන්ට එරෙහිව ඉදිරියේදී පාර්ශ්ව කීපයකින් පොලිසිය, රහස් පොලිසිය හා අල්ලස් දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සැරසෙන බව වාර්තාවේ.
ඒ අතර සිය නාමයෝජනා ප්‍රතික්‍ෂේප වුවහොත් අධිකරණය හමුවට යන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙන අපේක්‍ෂකයෝ කීපදෙනෙක්ද වෙති. එම තත්ත්වයන් තුළ ජුලි 1 වැනිදා පාපන්දු නිලවරණය කැඳවීම ඊයේ වනවිට වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නිලවරණ මෙහෙයුම් කමිටුවට උපදෙස් දී තිබුණේ නාමයෝජනා විරෝධතා විමර්ශනයට පහසුවක් ලෙස අවශ්‍ය නම් පාපන්දු නිලවරණය ටික දිනකට හෝ කල් දමන ලෙසය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.