Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බස්නාහිර පළාත් බාලිකා පාපන්දු ශූරතාව මහරගම ම. ම. විද්‍යාලයට

බස්නාහිර පළාත් බාලිකා පාපන්දු ශූරතාව මහරගම ම. ම. විද්‍යාලයට

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් පාපන්දු (බාලිකා) තරගාවලියේදී බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක පාසල් 21 ක  කණ්ඩායම් සියල්ල පරාජයට පත් කරමින් 20 න් පහළ පාපන්දු ශූරතාව දිනා ගැනීමට මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා පාපන්දු කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් 2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පාපන්දු (බාලිකා) තරගාවලියට සුදුසුකම් ලබාගැනීමටත් මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකාවෝ සමත් වූහ.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා පාපන්දු කණ්ඩායම මෙම අවස්ථාව ලබාගත්තේ පළමු වැනි වතාවටය.

බස්නාහිර පළාත් තරගාවලියේ අවසාන මහා තරගය නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. එහි 17 වැනි විනාඩියේදී මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ කෞෂිකා සමන්මලී ලබා ගත් ගෝලය නිසා අවසන් මහ තරගයෙන් 1-0 ක ජයක් මහරගම මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී කිරිවත්තුඩුව විජයවර්ධන විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසින් පරාජය කරමින් මහරගම මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් පූර්ව තරගය  මිනුවන්ගොඩ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පැවැති අතර දඬුවම් පහර මත ගෝල 4-3 ක් ලෙසින් මහරගම මධ්‍ය මහා විද්‍යාලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෙම ජයග්‍රහණය, වසර 3 ක් වැනි කෙටි කාලයක් තුළ අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහණයකි.  මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් 2023 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී සමස්ත ලංකා අනු ශූරතාවය දිනා ගත් බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කළහ.

විදුහල්පතිතුමිය වන එන්.ඩී.සී. ජයංගනී මහත්මිය, ක්‍රීඩා අංශ ප්‍රධානී බී.ඩබ්ලිව්. පී. පෙරේරා මහතා සහ බාලිකා පාපන්දු කණ්ඩායම භාර ආචාර්ය එන්. දිල්රුක්ෂි මහත්මියගෙන් මෙම කණඩායමට ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.

පුහුණුකරු නිහාල් ගුණතිලක මහතා සහ විද්‍යාලයීය සමස්ත ක්‍රීඩා උපදේශක මෙන්ම බාලිකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ටී එල් විලියම්ස් මහතා මෙම කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි.


අදහස් (0)

බස්නාහිර පළාත් බාලිකා පාපන්දු ශූරතාව මහරගම ම. ම. විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.