Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හූ තැබීම්, බහින්බස්වීම්, වාග් ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පෙරේදා (21) පැවැති මධ්‍යම කමිටු රැස්වීම ඝෝෂාකාරී තත්ත්වයක් ගත් බව වාර්තාවේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා එහිදී අදහස් දැක්වීමට යාමේදී මෙම තත්ත්වය උද්ගතවී තිබේ.
මෙම මධ්‍යම කමිටුවේ රැස්වීම සඳහා පාපන්දු සම්මේලනයේ කමිටු ප්‍රධානීන් කැඳවීම පිළිබඳව විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබෙන රුද්‍රිගු මහතා මධ්‍යම කමිටු රැස්වීමකට සහභාගී විය හැක්කේ ලීග් නියෝජිතයන්ට හා නිලවරණයෙන් පත්වූ පාපන්දු සම්මේලනයේ නිලධාරී මණ්ඩලයේ නිලධාරීන් 11 දෙනාට පමණක් බැවින් එසේ පිටස්තරයන් ඊට කැඳවීම පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනි යයි අදහස් දක්වා තිබේ.
කෙසේවුවත් ඔහු කතාකරන අවස්ථාවේදී මධ්‍යම කමිටුවේ නියෝජිතයන් පිරිසක් දිගින් දිගටම ඔහුට බාධා කරමින් හැසිරුණු බවත් අතැමුන් එම අවස්ථාවේදී හූ කියමින් ඝෝෂා කළ බවත් පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී මූලාසනයේ සිටි පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා රංජිත් රුද්‍රිගු මහතාට පවසා ඇත්තේ මූලාසනයට අවනත වෙමින් සිය අදහස් දැක්වීම අවසන් කළ යුතු බවයි. එහිදී තත්ත්වය තවත් උණුසුම් අතට හැරී තිබෙන අතර අනුර ද සිල්වා මහතාට සහයෝගය පලකරමින් ලීග් නියෝජිතයන් කීපදෙනෙකුද එම අවස්ථාවේදී රුද්‍රිගු මහතා හා බහින්බස්වීම් ඇතිකර ගෙන තිබේ. කෙසේවුවත් එහිදී රුද්‍රිගු මහතාගේ සහයට පැමිණි ලීග් නියෝජිතයන් කීපදෙනෙකුද අදහස් දැක්වීමට යාමෙන් පළමුවතාවට පාපන්දු සම්මේලනයේ මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක ස්වරූපයකට හැරී තිබේ.
තමන්ට ඇඟිලි දිගුකරමින් රැස්වීමෙන් එළියට දමන බවට එම අවස්ථාවේදී මූලාසනයේ සිටි පාපන්දු සම්මේලනයේ ප්‍රධානියෙකු තර්ජනාත්මක ස්වරූපයෙන් කථා කළ බව කියන ප්‍රකාශයකට එහිදී රුද්‍රිගු මහතා දැඩිලෙස විරෝධය පළ කරමින් නොනවත්වාම සිය අදහස් දක්වා තිබෙන අතර ඒ මහතා මධ්‍යම කමිටු රැස්වීමට සහභාගීවී සිටින නියෝජිතයකුට එසේ තර්ජනය කිරීම සදාචාරාත්මක නොවන බවත් පවසා තිබේ.
පාපන්දු සම්මේලනයේ යොවුන් කමිටුවේ සභාපති වෛද්‍ය මහීල් ප්‍රනාන්දු, ෆුට්සාල් කමිටුවේ සභාපති එම්. රමිෂ්, ගම්පොළ පාපන්දු ලීගයේ ලේකම් සුනිල් සේනවිර, කොළඹ පාපන්දු ලීගයේ සභාපති හර්ලි සිල්වේරා, එහි ලේකම් එම්. සෆ්රාන්, කොළඹ සිටි පාපන්දු ලීගයේ සභාපති, අනුරාධපුර පාපන්දු ලීගයේ සභාපති සාගර පියතිලක, කොළඹ සිටි පාපන්දු ලීගයේ සභාපති ආර්. පුවන්දිරම්, එහි භාණ්ඩාගාරික එම්. ෆායිස් යන මහත්වරු පෙරේදා පැවැති මධ්‍යම කමිටු රැස්වීමේදී අදහස් දක්වා තිබේ.
වසර 2014 දී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ධූරය දැරූ ජෝෂප් බ්ලැටර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැයවීම සම්බන්ධයෙන් මධ්‍යම කමිටු නියෝජිතයන් කීපදෙනෙකු අදහස් දැක්වීමද පෙරේදා රැස්වීමේ උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරතිබේ. එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ රංජිත් රුද්‍රිගු මහතා ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, එම වියදම් බ්ලැටර්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ව්‍යාපෘති තුනක් සඳහා වැය කර තිබෙන බවයි.
ඒ ‘අරියාලේ’ ක්‍රීඩාංගනය ඔහුගේ ප්‍රධානත්වනේ විවෘත කිරීම, බ්ලැටර් මහතාගේ නිල පිළිගැනීම් උත්සවය හා සුහද සාදය වෙනුවෙන් කළ වැයකිරීම ඔහුගේ 2014 ශ්‍රී ලංකා සංචාරයේ මුළු වැය කිරීම්වලට ඇතුළත්වන බව එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
මේ අතර පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 28 කට ආසන්න මුදලක් අස්ථානගත වීම සම්මේලනයෙන් චෝදනා ලබා වැඩ තහනමට ලක්ව සිටින මූල්‍ය කළමනාකරු සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැනත් පෙරේදා පැවැති මධ්‍යම කමිටු රැස්වීමේදී කමිටු නියෝජිතයන් ප්‍රශ්නකර තිබේ. ඊට පිළිතුරු දී තිබෙන පාපන්දු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට රහස් පොලිසියට බාරදී තිබෙන බවයි.
එම පියවර හැරෙන්නට අදාළ සිදුවීම පාදක කර ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වසර 2013 සිට ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ස්වාධීන විගණන විමර්ශනයක් කිරීම සඳහාත් මේ වනවිට අන්තර්ජාතික විගණන ආයතනයට බාරදී තිබෙන බව එහිදී සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.