Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මරදාන සහිරා විදුහල සමත් විය. යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගෝල 3-0 ක් ලෙස යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල පරාජය කරමින් සහිරා විදුහල ශූරතාවට හිමිකම් කීවේය.
තරගයේ 35 වැනි මිනිත්තුවේදී සහිරා විදුහල වෙනුවෙන් පළමු ගෝලය ලබා ගැනීමට මොහොමඞ් ශෆ්රාන් සමත් වූ අතර ඉතිරි ගෝල දෙකටම හිමිකම් කීමට මොහොමඞ් ශහීල් සමත් විය. 51 වැනි මිනිත්තුවේදී සහ 80 වැනි මිනිත්තුවේදී ශහීල් එම ගෝල ද්විත්වය වාර්තා කළේය.
සහිරා විදුහල් කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක කලීල් රෙහමාන් දක්ෂතම දැල රකින්නා ලෙසත්, මොහොමඞ් ශහීල් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබූහ.
අවසන් පූර්ව වටයේ තරගවලදී දඬුවම් පහර 7-6 ක් ලෙස වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරාජය කරමින් ශාන්ත පැටි්‍රක් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 4-1 ක් ලෙස යාපනය ශාන්ත හෙන්රි විදුහල පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ ඉකුත් වසරේ ශූරයන් වූ යාපනය ශාන්ත හෙන්රි විදුහල අතර පැවැති තරගයෙන් ගෝල 3-0 ක ජයක් ලැබීමට ශාන්ත හෙන්රි විදුහල සමත් විය.
එස්. රූබන්රාජ් (22 වැනි මිනිත්තුවේදී), ජී, ඇන්ටෝනිරාජ් (54 වැනි මිනිත්තුවේදී) සහ එන්. ඒ. අමේෂ් (79 වැනි මිනිත්තුවේදී) ශාන්ත හෙන්රි විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.