Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාරිස්ටෙලා විදුහලට ගෝල 4-0 ක ජයක්

මාරිස්ටෙලා විදුහලට ගෝල 4-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ තෙවැනි දිනයේදී (27 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ගම්පොළ සහිරා විදුහලට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය.

එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 3-0 ක් ලෙස පෙරමුණ ගත් මාරිස්ටෙලා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් ලබාගනිමින් 4-0 ක් ලෙස තරගය නිමා කළහ. එහිදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට මාරිස්ටෙලා විදුහලේ එම්.එන්.ටී. සිල්වා සමත් වූ අතර මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් වාර්තා වූ අනෙක් ගෝලයට හිමිකම් කීමට එස්.සී. දාබරේ සමත් විය.

මාරිස්ටෙලා විදුහලට අමතරව තෙවැනි දිනයේ (27) පැවැති මූලික වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කර ගැනීමට කළුතර මුස්ලිම් විදුහල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

එම තරගවලදී කළුතර මුස්ලිම් විදුහල හමුවේ කොළඹ ටී.බී.ජයා විදුහලද, ගේට්වේ ජාත්‍යන්තර පාසල හමුවේ කොළඹ ශාන්ත පීතර විදුහලද, කොළඹ ඉසිපතන විදුහල හමුවේ කොළඹ හින්දු විදුහලද, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහලද පරාජයට පත් විය.

ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහයේ අනුග්‍රහය යටතේ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, සංවිධානය කරන මෙම තරගාවලිය කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණයේදී සහ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.


තරග ප්‍රතිඵල

■    මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස ගම්පොළ සහිරා විදුහල පරාජය කරන ලදි.
■    කළුතර මුස්ලිම් විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස කොළඹ ටී.බී.ජයා විදුහල පරාජය කරන ලදි.
■    ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් දඬුවම් පහර 5-4 ක් ලෙස කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
■    කොළඹ ඉසිපතන විදුහල විසින් දඬුවම් පහර 3-2 ක් ලෙස කොළඹ හින්දු විදුහල පරාජය කරන ලදි.
■    කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහලට ගෝල 4-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.