Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මීගමුව මාරිස්ටෙලා අවසන් තරගයට

මීගමුව මාරිස්ටෙලා අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල ඊයේ (15 වැනිදා) සමත් විය.

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල 4-2 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරමින් මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ 14 වැනි මිනිත්තුවේදී මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් පළමු ගෝලය ලබා ගැනීමට ජී. ටී. ප්‍රනාන්දු සමත් වූ අතර 26 වැනි මිනිත්තුවේදී මැසිනොද් විදුහල වෙනුවෙන් ගෝලයක් ලබාගත් සී. එස්. මනිත, ගෝල 1-1 ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයට පත් කළේය. කෙසේ වුවත් 31 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් ඒ. ජේ. ගුණවර්ධන, ගෝල 2-1 ක් ලෙස නැවතත් මාරිස්ටෙලා විදුහල ඉදිරියට ගෙන යෑමට සමත් විය.

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 4 ක් පමණක් ඉතිරිව තිබියදී (41 වැනි මිනිත්තුවේදී) මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් සිය දෙවැනි ගෝලයද ලබාගැනීමට ජී. ටී. ප්‍රනාන්දු සමත් වීම නිසා ගෝල 3-1 ක් ලෙස මාරිස්ටෙලා විදුහලට වැඩි වාසි අත්කර දෙමින් එම අර්ධය නිමාවට පත් විය.

තරගයේ 56 වැනි මිනිත්තුවේදී මැසිනොද් විදුහල වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට එල්. එච්. දේෂාන් සමත් වුවත් එය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. 73 වැනි මිනිත්තුවේදී මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් තවත් ගෝලයක් ලබාගැනීමට එන්. නිසල් සිල්වා සමත් වීම නිසා එම විදුහලට ගෝල 4-2 ක ජයක් හිමිවිය.

ලබන ඉරිදා (22 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලට (දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගත් කණ්ඩායම) එරෙහිව මාරිස්ටෙලා විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.

හමීඞ් අල් හුසේනි විදුහලේ 1980 කණ්ඩායම නමවැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අයිඩියල්ස් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි.

 


අදහස් (0)

මීගමුව මාරිස්ටෙලා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.