Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මුදල් පාලනයට අලූත් නීති

මුදල් පාලනයට අලූත් නීති

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෝඞ්ලෑල්ලට පමණක් සීමාවී තිබෙන ක‍්‍රීඩා සමාජ නැවත කි‍්‍රයාත්මක කිරීම සඳහා ක‍්‍රීඩක හැඳුනුම්පත් අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

පාපන්දු සම්මේලනයේ විධායක සභාව පසුගිය සෙනසුරාදා (5) ගනු ලැබූ තීරණවලට අනුව පාපන්දු ලීග සඳහාත් නව නීති හඳුන්වාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ලීග සඳහා මූල්‍යාධාර ප‍්‍රදානයේදී මින් ඉදිරියට එහි සාමාජික ක‍්‍රීඩා සමාජ ගණන කෙරෙහි අවධනය යොමු කිරීටමද තීරණය කර තිබේ.

ඒ අනුව ක‍්‍රීඩා සමාජ එකේ සිට පහක් දක්වා වන ලීගයකට රුපියල් 75,000 ක්ද කී‍්‍රඩා සමාජ 5 සිට 10 වන ලීගයට රුපියල් 150,000 ක්ද පිරිනැමේ.

ක‍්‍රීඩා සමාජ 10 ත් 15 ත් අතර නම් එවැනි ලීගයකට රුපියල් ලක්ෂ දෙකක් බැගින්ද 15 සිට 20 ත් අතර නම් රුපියල් 250,000ක් බැගින්ද ක‍්‍රීඩා සමාජ 20 කට වැඩි නම් රුපියල් ලක්ෂ තුනක් බැගින්ද වන පරිදි එහිදී පාපන්දු ලීග වෙත මාසිකව මුදල් ප‍්‍රදානය කිරීමට කටයුතු කෙරේ.

පාපන්දු සම්මේලනයේ නව තීරණයට හේතුවී ඇත්තේ බොහෝ ලීග යටතේ ක‍්‍රියාත්මක වන ක‍්‍රීඩා සමාජ සැලකිය යුතු ගණනක් බෝඞ්ලෑලිවලට පමණක් සීමාවී තිබෙන බවට කරුණු හෙළිදරව් කර ගැනීම යයි පාපන්දු විධායක සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතරම ඇතැම් ලීග සම්මේලනය විසින් දෙනු ලබන ප‍්‍රතිපාදන අදාළ නොවන වියදම් සඳහා යොදා ගන්නා බවටද හෙළිදරව් වී තිබේ. එම තත්ත්වය අවම කර ගැනීම සඳහා පාපන්දු විධායක සභාව නව වියදම් ක‍්‍රමයක්ද ලීග සඳහා හඳුන්වා දී තිබේ.

පාපන්දු සම්මේලනය විසින් පිරිනමනු ලබන මූල්‍යාධාර වලින් 50%ක් තරග වියදම් සඳහා යොදා ගැනීම පාපන්දු ලීග වලට අනිවාර්ය කෙරේ. ඉතිරි 50% විනිසුරු පුහුණු ව්‍යාපෘති, කාන්තා පාපන්දු කී‍්‍රඩාවේ සංවර්ධනය, පාසල් තරග හා ක‍්‍රීඩක සුබසාධන යන විෂයයන් සඳහා සමසේ වෙන් කළ යුතුය.

පාපන්දු සම්මේලනයේ මේ වන විට ලියාපදංචි ලීග ගණනක 66 කි. සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ පසුගිය පාලන සමයේදී අළුතින් ඇති කළ ලීග ගණන 20 කි. දැනට පාපන්දු සම්මේලනය එක් ලීගයක් සඳහා වාර්ෂිකව රුපියල් 250,000ක් බැගින් ප‍්‍රතිපාදන වෙන්කරයි.


●●●


අදහස් (0)

මුදල් පාලනයට අලූත් නීති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.