Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෝමස් මුලර්ගේ විශිෂ්ට ගෝල් ත්‍රිත්වය හේතුවෙන් ඊයේ (16 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකදී පෘතුගාලයට එරෙහිව ගෝල් 4-0 ක අනගි ජයක් වාර්තා කිරීමට ජර්මනිය සමත්විය.
‘ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ‘ඩී‘ කාණ්ඩය යටතේ පැවැති මේ තරගයේ 12 වැනි මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් මුලර් අනතුරුව 45 වැනි මිනිත්තුවේ හා 78 වැනි මිනිත්තුවේ ගෝල රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ජර්මනිය වාර්තා කළ ඉතිරි ගෝලයට හිමිකම් කීවේ මැට්ස් හුමල්ස්ය. ඔහුගේ ගෝලය වාර්තා වූයේ තරගයේ 32 වැනි මිනිත්තුවේදීය.
ජර්මනියට දඬුවම් පහර පිරිනැමුණේ 12 වැනි මිනිත්තුවේ දීය. පෘතුගාලයේ ජෝ පෙරෙයිරා ජර්මනියේ ප්‍රබල ක්‍රීඩක මරියෝ ගොට්සේ නීති විරෝධි අයුරින් තල්ලු කිරීම නිසා ජර්මනියට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් මුලර් 1-0 ක් ලෙස සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය. අනතුරුව 32 වැනි මිනිත්තුවේ දී මැට්ස් හුමල්ස් තම හිසෙන් එල්ල කළ විශිෂ්ට පහරකින් ජර්මනියට දෙවැනි ගෝලය අත්විය.
තරගයෙන් ජය ලැබීමට හෝ ජර්මනියට ප්‍රබල සටනක් දීමට හෝ පෘතුගාලයට තිබූ සියලු අවස්ථා අහිමිවූයේ 37 වැනි මිනිත්තුවේ දී මුලර් අවහිර කිරීමට පෙපේ ගත් නීතිවිරෝධි ක්‍රියාමාර්ගය හේතුවෙනි.
රගර් ක්‍රීඩාවේ දක්නට ලැබෙන අන්දමේ අවහිර ක්‍රමයකින් මුලර් දැඩිව පීඩාවට පත්කිරීම නිසා රතු කාඩ් පතින් ඊට නිසි දඬුවම් ලද පෙපේ තරගයෙන් ඉවත්වූ අතර පසුව ක්‍රීඩකයන් 10 කින් තරගයට මුහුණදීමට පෘතුගාලයට සිදුවිය. පළමු භාගය නිමාවීමට ආසන්නයේ දීම සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට මුලර් සමත්විය.
පෘතුගාලයට ඉතා අවසනාවන්ත ආරම්භයක් ගෙනදුන් මේ තරගයේ දී සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ කිසිදු සටනක් දීමට අසමත්වීම කැපී පෙනුණි. 63 වැනි මිනිත්තුවේ දී ෆැබියෝ කොන්ට්රාවෝ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීම ද පෘතුගාලයේ පසුබෑමට හේතුවක් විය. ආබාධය තරමක බරපතල එකක් බැවින් ෆැබියෝට තරගමාලාවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි පසුව වාර්තා විය.
78 වැනි මිනිත්තුවේ දී තම තුන්වැනි ගෝලය ලබාගත් මුලර් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කළේය. 2010 තරගමාලාවේ දී ආජන්ටිනාවේ ගොන්සාලෝ හිගුයින් දකුණු කොරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමෙන් පසුව ලෝක කුසලාන තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.