Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී බොස්නියානු ක්‍රීඩකයන් මවිතයට පත් කරමින් ලබාගත් විශිෂ්ට ගෝලයත් සමග 2-1 කින් තරගය ජය ගැනීමට ආජන්ටිනාව සමත්විය. ‘එෆ්‘ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ ආජන්ටිනාවේ ජය තහවුරු කළ මෙසීගේ මනරම් ගෝලය වාර්තා වූයේ 65 වැනි මිනිත්තුවේ දීය.
තරගය ආරම්භ වී 3 වැනි මිනිත්තුවේ දී මෙසී එල්ල කළ නිදහස් පහරක් වළක්වාලීමට යාමේ දී එය බොස්නියානු ක්‍රීඩක සීඩ් කොලැසිනැක් වැරැදීමකින් ඔහු විසින්ම දැල තුලට දමා ගත්තේය. ඒ අනුව ආජෙන්ටිනාවට පළමු ගෝලය තෑගි කරනු ලැබුවේ ප්‍රතිවාදීන් විසිනි. එය මෙවර තරගමාලාවේ කණ්ඩායමක් විසින් ප්‍රතිවාදීන්ට ගෝලයක් තෑගි කරනු ලැබූ තුන්වැනි අවස්ථාව විය.
පළමු භාගය අවසන් වනවිට ගෝල් 1-0 කින් පෙරමුණ ගත් ආජෙන්ටිනාවට ලයනල් මෙසී 65වැනි මිනිත්තුවේ දී එල්ල කළ පහරත් සමග 2-0ක් ලෙස සටහන් විය. එහෙත් තරගයේ 84 වැනි මිනිත්තුවේ දී බොස්නියාවේ වෙඩාඩ් ඉබිසෙවික් ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමට යම් සහනයක් ගෙන දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.