Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මොරගස්මුල්ලට සැනසුම් සුසුමක්

මොරගස්මුල්ලට සැනසුම් සුසුමක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 10කට පසුව සැනසුම් සුසුමක් හෙ හෙලූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ඩයලොග් - ශූරයන්ගේ තරගාවලියකදී සිය පළමු ජයග්‍රහණය ඊයේ (15) වාර්තා කළේ කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගාවලියට කෝඩුකාර මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ශූරයන්ගේ තරග සිය පළමු ජයග්‍රහණය ලැබීමට තරග 10 ක් දක්වා බලා සිටීමට සිදුවුවත් එතෙක් පැවති එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.

 කෙසේ වුවත් බ්ලූස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිටි අවසන් ස්ථානයෙන් මිදී 17 වැනි ස්ථානයට පත්වීමට මොරගස්මුල්ල කණ්ඩායම සමත්ව සිටියි. තරගයේ  33 වැනි විනාඩියේදි ඉමේජ මධුශංඛ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

පොලිස් පිල පෙරේදා පැවති තරගයකදි යුද හමුදා පිලට පරාජය වීමත් සමග දැන් ඔවුන්ට සිදුව ඇත්තේ ප්‍රසාද  ලකුණු සටහනේ අවසන් ස්ථානයේ ගත කිරීමටය.

මේ අතර අපරාජිත කොළඹ ක්‍රීඩකයෝ පෙරේදා පැවැති  තරගයකදී මීගමුව යුත් පිලට එරෙහිව ගෝල 7-1 ක තවත් දැවැන්ත ජයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගත්හ. එහිදී එම පිලේ විදේශීය ක්‍රීඩකයා වන ඉසෙඞ් ජොහාර් ගෝල ත්‍රිත්වයක් ලැබිය.

මෙවර තරගාවලියේ තවත් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්ව තිබෙන වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම අප්කන්ටි්‍ර ලයන් පිලට එරෙහිව ගෝල 4-2 ක තවත් පහසු ජයක් ලැබීය. ඊට පෙර පසුගිය ඉරිදා (12) පැවැති තරගයකදී නිව්යංග්ස් ක්‍රිඩකයෝ මීගමුව යුත් කණ්ඩායමට එරෙහිව ගෝල 5-2 ක තවත් පහසු ජයක් වාර්තා කළේය.

 ගුවන් හමුදා කණ්ඩායම මෙතෙක් තරගාවලියේ සෙසු එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන්  වරට පසුගිය බදාදා මුහුණ දුන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කළේ ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිලට එරෙහිවය.


තරග ප්‍රතිඵල.

■    යුද හමුදා පිළ විසින් පොලිස් පිල  පරාජය කරන ලදී (1-0)
■    වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් පිල පරාජය කරන ලදී (4-2)
■    කොළඹ ක්‍රි.ස. පිල විසින් මීගමුව යුත් පිල පරාජය කරන ලදී (7-1)
■    මොරගස්මුල්ල ක්‍රි.ස. පිල විසින්  කළුතර බ්ලුස්ටාර්ස් පිල පරාජය කරන ලදී.
■    ගම්පොල  ක්‍රිස්ටල් පැලැස් පිල හා ගුවන් හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
■    සෝන්ඩර්ස් පිල විසින් නාවික හමුදා පිල පරාජය කරන ලදී. (3-2)
■    බේරුවල සුපර්සන් පිල හා අනුරාධපුරය සොලිඞ් පිල අතර  තරගය ජයපැරදුමෙන් තොරයි. (0-0)
■    මාතර සිටි පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී. (4-1)


සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග
(නොවැම්බර් 18)
■    සෝන්ඩර්ස් කොළඹ ක්‍රි.ස. අතර කැලණිය පාපන්දු පිටියේදී.
■    නාවලපිටිය අප්කන්ටි්‍ර- මීගමුව යුත් අතර නාවලපිටිය ජයතිලක පිටියේදී.
■    අනුරාධපුර සොලිඞ්- පොලිස් අතර  අනුරාධපුර මහජන පිටියේදී.
■    කුරුණෑගල ෆෙලිකන්ස්- ගුවන් හමුදාව අතර කුරුණෑගල  මලියදේව පිටියේදී.
■    ජාවාලේන්-යුද හමුදා අතර සිටි පාපන්දු පිටියේදී.


 (නොවැම්බර් 19)
■    ගම්පොල ක්‍රිස්ටල් පැලැස් හා බේරුවල සුපර්සන් අතර
■    නාවික හමුදාව-0 මොරගස්මුල්ල ක්‍රි.ස. අතර මාතර පාපන්දු මධ්‍යස්ථාන පිටියේදී.
■    රිනවුන්  සහ කළුතර බ්ලුස්ටාර්ස් අතර කැලණිය පාපන්දු පිටියේදී.

 


අදහස් (0)

මොරගස්මුල්ලට සැනසුම් සුසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.