Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුවූ මිලියන 28 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුද වගකිව යුතු යයි එම චෝදනාව සම්බන්ධයේ වැඩ තහනමකට ලක්ව සිටින නිලධාරියා පාපන්දු සම්මේලනයට ලිපියකින් දැනුම් දී තිබේ. සම්මේලනයේ මූල්‍ය කළමනාකරුවකු විසින් පාපන්දු සම්මේලනයට යොමු කළ බව කියන ලිපිය සම්බන්ධයෙන් පසුගියදා පැවැති විධායක කමිටු රැස්වීමේදී දැඩි අවධානය යොමුවූ බවද වාර්තාවේ.
ඔහුගේ නීතීඥයන් මගින් සම්මේලනය වෙත යොමු කරන ලද එම ලිපියෙන් අවධාරණය කර ඇතැයි සඳහන් වන්නේ මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවී තිබෙන චෝදනාවට පාපන්දු සම්මේලනයේ එවකට කටයුතු කළ ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනෙකුද වගකිව යුතු බවයි. පාපන්දු සම්මේලනයේ එවකට මූල්‍ය කටයුතු මෙහෙයවූ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකුටද ඔහු එම ලිපියෙන් චෝදනා නගා ඇතැයි වාර්තාවේ.
මෙම ලිපිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙන පාපන්දු විධායක සභාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පිළිගත් අන්තර්ජාතික විගණන ආයතනයකින් නැවත විමර්ශනයක් කළ යුතු බවට තීරණයකට පැමිණි බව වාර්තාවේ. පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම හදිසි විධායක සභා රැස්වීම පැවැත්වුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා විධායක සභාව විසින්ම යෝජනා කර තිබූ කමිටුව අත්හැර දැමීමටද එහිදී තීරණය කර තිබේ. පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජනරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ඒ සඳහා යෝජනා වී තිබිණ. ඒ ගැන සරත් වීරසේකර මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ තමන් ඒ සඳහා යෝජනා කළත් පත්වීම් ලිපියක් නොලැබුණු බවය. ඒ සඳහා මේජර් ජනරාල් අතුළ කොඩිප්පිලි මහතාද විධායක කමිටුවේ පිරිසක් යෝජනා කර තිබූ බවද සඳහන් වේ.
පාපන්දු සම්මේලනයේ මුදල් රුපියල් මිලියන 28 ක් අස්ථාන ගතවීමේ චෝදනාව සම්බන්ධයෙන් එහි හිටපු මූල්‍ය කළමණාකරුවකු මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටී. මේ අතර පාපන්දු සම්මේලනයේ මූල්‍ය අර්බුදයක්ද පැන නැගී තිබේ. ඒ ආසියානු පාපන්දු සමුළුව විසින් මේ වසර සඳහා මූල්‍ය ආධාර දීම අත්හිටුවා තිබෙන තත්ත්වයක් තුළය.
කෙසේ වෙතත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය එවැනි තීරණයක් ගෙන ඇතැයි පළවී තිබෙන වාර්තා ප්‍රතික්‍ෂේප කරන බවද අනුර ද සිල්වා මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.