Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළොම්බියාවේ යෙරී මිනා 79 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් අවසන් මොහොතේ සෙනගල් කණ්ඩායම තරගාවලියෙන් එළියට ඇද දමමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළොම්බියාව අද (28) සමත් විය. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මෙම තරගය ආරම්භ වීමට පෙර සිටම දෙපිළටම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව පැවති අතර ප්‍රසාද ලකුණු 4ක් සමගින් සෙනගලය දෙවන ස්ථානයේත්, ප්‍රසාද ලකුණු 3ක් සමගින් කොළොම්බියාව තෙවන ස්ථානයේ පසුවිය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුනේ පසුවූ ජපානයද පෝලන්තයට එරෙහිව අද තරගය පරාජය වීමත් සමග ඔවුන්ද පහළට ඇද දමමින් කොළොම්බියාව ‘එච්’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගයකදී කොළොම්බියාව අවසන් 16 දෙනාගේ වටයට තේරිපත් වූ තෙවන අවස්ථාව බවටද පත්විය. ‘එච්’ කාණ්ඩයේ වැඩි ගෞරවය ලබා සිටි ජපානය සහ සෙනගලය පළමු වටයේ අවසන් තරගය පරාජයට පත්වීම නිසා අවසන් මොහොතේ කවුරුත් නොසිතූ කොළොම්බියාව සියල්ල පසු කරමින් කොලොම්බියාවට නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.
මෙවර තරගාවලියේ ‘එච්’ කාණ්ඩයේ ආරම්භක තරගයම ජපානය හමුවේ ගෝල 2-1 කින් පරාජයට පත්වීමට කොළොම්බියාවට සිදුවිය. එහෙත් පෝලන්තයට එරෙහිව පැවති තරගය ගෝල 3-0 කින් ජය ගැනීම නිසා නැවතත් තරගාවලියේ රැදී සිටීමට කොළොම්බියාවට වාසනාව ලැබිණ. අද පැවති තරගය කණ්ඩායම් ද්විත්වයටම තීරණාත්මක තරගය බවට පත් වුවද, වැඩි දෙනාගේ අදහස වූයේ මුල් තරග දෙකම දක්ෂ අයුරින් ක්‍රීඩා කළ සෙනගලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇති බවය.
ජපානයද අවසන් මොහොතේ පෝලන්තය හමුවේ පරාජයට පත්වීම නිසා සෙනගලය සහ ජපානය ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබා අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වන්නේ කවුරුන්ද යන්න බලා සිටීමට සිදුවිය. ඒ අනුව සහභාගී වූ තරග තුනේදීම කණ්ඩායම් දෙකම ලැබූ ජයග්‍රහණ, ලැබූ පරාජ, ලැබූ ගෝල සහ දුන් ගෝල යන සියල්ල සමවීම නිසා අවම කහ කාඞ්පත් ප්‍රමාණයක් ලබාගත් කන්ඩායමට 16 දෙනාගේ වටයට ප්‍රවිශ්ට වීමට අවස්ථාව උදා කර දුන්නේය. එහිදී සෙනගලය කහ කාඞ්පත් 6ක් ලබා සිටි අතර ජපානය ලබා තිබුණේ කහ කාඞ්පත් 4ක් වීම නිසා සෙනගලයේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින් ජපානයට 16 දෙනාගේ වටයට සේන්දු වීමට අවස්ථාව හිමි විය.
සෙනගල් කණ්ඩායමේ සියලුම බලාපොරොත්තු සැනින් අවසන් කරමින් අවසන් 16 දෙනාගේ වටයට සේන්දු වීමට අවස්ථාව උදාකරදුන් කොළොම්බියාවේ යෙරී මිනා තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.