Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රෙඩ් ලයන්ස් ක්‍රීඩා සමාජය කුසලාන දිනයි

රෙඩ් ලයන්ස් ක්‍රීඩා සමාජය කුසලාන දිනයි

ශනුක අරවින්ද - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ගිංතොට කුරුඳුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය සංවිධානය කළ සංජීව් කරුණාතිලක අභියෝග ශූරතා සත්සාමාජික පාපන්දු තරගාවලියේදී ගාල්ල රෙඞ් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් ශූරතාව සමග රුපියල් 75,000 ක මුදල දිනා ගන්නා ලදී. ගාල්ල ගිංතොට සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවැති මේ පාපන්දු තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් ගම්පොළ ඒ.ඕ.එම්. ක්‍රීඩා සමාජයට රුපියල් 40,000 මුදලක්ද පිරිනැමිණ.

සත් සාමාජික පාපන්දු ක්‍රීඩා සමාජ 24ක් අතරේ පැවැති මේ තරගාවලියේ දී අවසන් පූර්ව වටයට ගාල්ල රෙඞ් ලයන්ස්, පානදුර සෙවන්ස්, කුරුඳුවත්ත එක්සත්, ගම්පොළ ඒ.ඕ.එම්. ක්‍රීඩා සමාජ හතර තේරීපත් වූහ. අවසන් පූර්ව වටයේ තරගයේ දී ගාල්ල රෙඞ් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් කුරුඳුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය ද ගම්පොල ඒ.ඕ.එම්. ක්‍රීඩා සමාජය විසින් පානදුර සෙවන්ස් ක්‍රීඩා සමාජය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.

ගාල්ල රෙඞ් ලයන්ස් ක්‍රීඩා සමාජය හා ගම්පොල ඒ.ඕ.එම්. ක්‍රීඩා සමාජය පැවැති අවසන් තරගය ගෝල 1-1 ක් ලෙසින් සමවිය. අනතුරුව පැවැති දඬුවම් පහර ගැසීමේදී 1-0 ක් ලෙස රෙඞ් ලයන්ස් විසින් ඒ.ඕ.එම්. පරාජය කරන ලදි.

එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල ලයන්ස් ක්‍රීඩා සමාජයේ සී. කවිඳුද දක්ෂතම දැල් රකින්නා ලෙස එම ක්‍රීඩා සමාජයේ නායක මොහොමඞ් නියාස්ද සම්මාන දිනාගත්හ. තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හුසේන් කියාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 


අදහස් (0)

රෙඩ් ලයන්ස් ක්‍රීඩා සමාජය කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.