Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පාපන්දු ලීගය දෙවැනි වරටත් සංවිධානය කළ ‘රිදී කුසලාන’ පාපන්දු තරගාවලියේ ශූරතාව වනාතමුල්ල එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩා භූමි සංගම් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. පසුගිය වසරේ පැවැත්වීමට නියමිත තිබු මෙම තරගාවලියේ ශූරතාව එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩා භූමි කණ්ඩායම දිනා ගත්තේ පිට පිට දෙවැනි වරටය.
දිවයිනේ පාපන්දු ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 21 ක සහභාගීත්වයෙන් පිළිම`ඵන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය පසුගියදා කොළඹ සිටි ලීග් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩා භූමි කණ්ඩායම සහ කිරුළපන යුනයිටඞ් කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගයෙන් මොහොමඞ් ක‍්‍රීඩා භූමි සංගම් ක‍්‍රීඩකයෝ ගෝල 3-0 ක පහසු ජයක් ලැබුහ.
අවසන් තරගයේදී එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩා භූමි කණ්ඩායමේ නායක සී. නදීෂාන් ගෝල දෙකක්ම ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්විය. ඩබ්. ඒ. එන්. චින්තක අනෙක් ගෝලය ලබා ගත්තේය.
ශූරතාව දිනාගත් එම්. එච්. මොහොමඞ් කණ්ඩායමට රුපියල් 25,000 ක් ද, අනුශූරතාව දිනාගත් යුනයිටඞ් කණ්ඩායමට රුපියල් 15,000 ක් ද ලෙස මුදල් ත්‍යාග පිරිනැමිණ.
තරගාවලියේ අවසන් පුර්ව වටයේදී එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩා භූමි කණ්ඩායම විසින් කොළඹ සිටි පාපන්දු සමාජය (ගෝල 2x-0) ද, යුනයිටඞ් කණ්ඩායම විසින් ඕල්ඞ් හමීඩියාස් කණ්ඩායම (ගෝල 3-0) ද පරාජය කරන ලදී.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.