Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග කීපයක්ම වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදු විය. කෙසේවුවත් පසුගිය ශූරතාව වන කොළඹ කණ්ඩායමට එරෙහිව හොඳ සටනක් දුන් කුරුණෑගල ක්‍රීඩකයෝ තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් වූහ.
තවත් තරගයකදී නාවලපිටිය අප්කන්ටි්‍ර කණ්ඩායමට එරෙහිව රිනවුන් කණ්ඩායම ගෝල 4-1 ක පහසු ජයක් වාර්තා කරද්දී ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට මොහොමඞ් රිෆ්සාන් සමත් විය.
ජයපරාජයෙන් තොරව අවසන් වූ මාතර සිටි කණ්ඩායම හා මොරගස්මුල්ල කණ්ඩායම අතර තරගයේදී දෙපිලේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලැබූහ.
තරග ප්‍රතිඵල
■ රිනවුන් කණ්ඩායම විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර පිල පරාජය කරන ලදී. (4-1)
■ අනුරාධපුර සොලිඞ් පිල විසින් නාවික හමුදා පිල පරාජය කරන ලදී (1-0)
■ වෙන්නප්පුව නිව් යංග්ස් පිල සහ බේරුවල සුපර් සන් පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි. (1-1)
■ ජාවාලේන් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (3-0)
■ ගුවන් හමුදා පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (2-0)
■ කොළඹ කණ්ඩායම හා කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
■ මොරගස්මුල්ල ක්‍රි.ස. පිල හා මාතර සිටි අතර තරගය ජයපැදුරමෙන් තරයි (1-1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.