Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රිනවුන් පිල අපරාජිත වාර්තාව රැකගනී

රිනවුන් පිල අපරාජිත වාර්තාව රැකගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ ලිග් පාපන්දු තරගාවලිය යටතේ අද (15) බම්බලපිටිය පොල්ස් ක්‍රීඩාංගණයේපැවැති තරගයකදී ගෝල 3-0 කින් ශ්‍රී ලංකා පොලීසිය පැරදවූ රිනවුන් ක්‍රී.ස. කණ්ඩායම සිය අපරාජිත 5 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. 

මේ වනවිට තරග 7ක් සම්පූර්ණ කර ඇති රිනවුන් කණ්ඩායම තරග 5කින් ජය ලබාගෙන ඇති අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් ව තිබේ. 

හත්වැනි අදියර යටතේ අද පැවැති හවස තරගයකදී ජාවාලේන් ක්‍රී.ස. ජය වාර්තා කිරීමට සමත් විය. 

 

තරග ප්‍රතිඵල 

  • රිනවුන් ක්‍රී.ස. විසින් ශ්‍රී ලංකා පොලීසිය පරාජය කරන ලදී. (ගෝල 3-0)
  • ජාවාලේන් කණ්ඩායම විසින් මොරගස්මුල්ල ක්‍රී.ස. පරාජය කරන ලදී. (ගෝල 2-1)
  • නිව්යංග්ස් ක්‍රී.ස. සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. 
  • නිගම්බෝ යූත් ක්‍රී.ස. සහ නාවික හමුදාව අතර තරගය වර්ෂාව හේතුවෙන් කල්දමන ලදී. 

අදහස් (0)

රිනවුන් පිල අපරාජිත වාර්තාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.