රිනවුන් අපරාජිත වාර්තාව රැකගනී
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අට වැනි සති අන්තය අවසන් වන විට එතෙක් ලකුණු සටහනේ පෙරමුණේ සිටි රිනවුන් පාපන්දු කණ්ඩායම තවදුරටත් තම අපරාජිත භාවය රැක ගැනීමට සමත් විය.
රිනවුන් කණ්ඩායම මේ වන විට තරග 8කට සහභාගී වී තරග 5කින් ජය ලබා ඉතිරි තරග 3 ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ.
තරගාවලියේ අටවැනි සති අන්තයේදී පැවති තරගාවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ සොලිඞ් කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් විය.
තරග ප්‍රතිඵල
■ නාවික හමුදාව විසින් ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල් 3-1)
■ සොලිඞ් ක්‍රී.ස විසින් සෝන්ඩර්ස් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල් 3-1)
■ බ්ලූ ස්ටාර් ක්‍රී.ස සහ පොලිකන්ස් ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල් 2-2)
■ රිනවුන් ක්‍රී.ස සහ මාතර සිටි ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල් 2-2)