Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රිනවුන් පිල අපරාජිතබව රැකගනී

රිනවුන් පිල අපරාජිතබව රැකගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය පාපන්දු සංකීර්ණයේ අද (28 වැනිදා) සවස පැවැති ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ මෙම සතියේ තරගයකදී වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම ගෝල 5-1 කින් පරාජය කළ රිනවුන් ක්‍රීඩකයෝ තවදුරටත් තරගාවලියේ අපරාජිතභාවය රැකගැනීමට සමත්වූහ.

මෙම තරගාවලියේ ගියවර (2016) අනුශූරයන් වූ රිනවුන් කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ මේ වනවිට තරග 9ක් සම්පූර්ණ කර ඇති අතර ඉන් තරග 6කින්ම ජය ලබා තිබේ (තරග 3ක් ජය පැරදුමෙන් තොරව). ඒ අනුව රිනවුන් පිල ප්‍රසාද ලකුණු 21ක් ලබා අපරාජිතව පෙරමුණේ සිටියි.

කඑතර සහ අනුරාධපුරයේ අද (28) පැවැති තරග 2කින් බ්ලූ ස්ටාර් කණ්ඩායම ජය වාර්තා කළ අතර සොලිඞ් සහ පෙලිකන්ස් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය.


තරග ප්‍රතිඵල

  • රිනවුන් ක්‍රී.ස. විසින් නිව්යංග්ස් ක්‍රී.ස. පරාජය කරන ලදී (ගෝල 5-1)
  • බ්ලූ ස්ටාර් ක්‍රී.ස. විසින් යුද හමුදාව පරාජය කරන ලදී (ගෝල 2-1)
  • සොලීඞ් ක්‍රී.ස. සහ පෙලිකන්ස් ක්‍රී.ස. අතර තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල 1-1)

 


අදහස් (0)

රිනවුන් පිල අපරාජිතබව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.